සාමය සංහිඳියාව වෙනුවෙන් ජීවිත කාලය කැප කළ අබ්දුල්ලා මහ්මුද් ආලිම් මවුලවිතුමා අභාවප්‍රාප්ත වෙයි

0
59

NEWSNOW | – පුත්තලම දිස්ත්‍රික්ක අන්තර්’ ආගමික කමිටුවේ සම සභාපති සහ පුත්තලම දිස්ත්‍රික් උලමා සභාවේ හිටපු සභාපති කාසිමියා අරාබි විදුහලේ විදුහල්පති, සමස්ත ලංකා ජම්යතුල් උලමා සභාවේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජික ඇතුළු සමාජයේ විවිධ තනතුරු දැරූ ප්‍රවීන ඉස්ලාමීය විද්වතෙකු වන අබ්දුල්ලා මහ්මුද් ආලිම් මවුලවිතුමා අභාවප්‍රාප්ත විය.

ඒ මීට ටික වේලාවකට පෙර කොළඹ රෝහලකදීය.

රටට විශාල මෙහෙවරක් ඉටුකළ මෙතුමාගේ වියෝව වෙනුවෙන් නිව්ස් නව් අපගේ බලවත් ශෝකය!