බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට මුහම්මදියා සංගමය විසින් උපහාර

0
129

NEWSNOW| – නව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අල්-හාජ් හනීෆ් යූසුෆ් භායි මහතාට ශ්‍රී ලංකා මුහම්මදියා සංගමය විසින් ඊයේ(12) උපහාර පුදනු ලැබීය.

සෙයිදිනා ඉමාම් හසන් වා සෙයිදිනා ඉමාම් හුසේන් රලියල්ලාහු තාඅල අන්හුමාට උපහාර පිණිස 21 වැනි සංවත්සර සැමරුම උරූස් මුබාරක් මජ්ලිස් ශ්‍රී ලංකාවේ දෙවටගහ ජුම්මා මස්ජිද් හි Ash-Sheikh Usman As-Siddiqi Waliyullah Dharga Sharef හිදී මෙම අවස්ථාව පැවැත්වුණි.

අහ්ලුල් බයිත් සෙයිද් සදාත් සාමාජිකයින්, උලමාස් නියෝජිතයින්, අෂ්-ෂෙයික් උස්මාන් අස්-සිද්දිකි වලියුල්ලාහ් දර්ගා ෂරීෆ් දෙවටගහ ජුම්මා මස්ජිද් මණ්ඩලයේ නියෝජිත සාමාජිකයින් සහ මේමන් සමිති සාමාජිකයින් ගරු ආණ්ඩුකාරතුමාට ගෞරව කිරීමට එක් වූහ.