NEWSNOW | – පාර්’ලිමේන්තු කාර්’ය මණ්ඩලයේ භාවිතයට නොගත් නිවාඩු සඳහා දිරි දීමනාව මේ වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
අද(07) පාර්’ලිමේන්තුව අමතමින් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කියා සිටියේ පසුගිය වසර 21ක කාලය තුළ ක්‍රියාත්මක වූ දීමනා ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාමට එකඟතාවකට පැමිණ ඇති බවයි.
විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ දැනට පාර්’ලිමේන්තුව තුළ පාර්’ලිමේන්තු කටයුතු කාර්’යක්ෂමව සහ උනන්දුවෙන් සිදු කෙරෙන බව සහතික කරන හොඳ කාර්’ය මණ්ඩලයකින් සමන්විත බවයි.
භාවිතයට නොගත් නිවාඩු සඳහා දිරි දීමනා ලබාදීමේ තීරණය ක්‍රියාත්මක කිරීමේ බලය කථානායකවරයාට පැවරී ඇති බව සඳහන් කළ ප්‍රේමදාස මන්ත්‍රීවරයා එය මේ වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි අනුමත කරන ලෙස ඉල්ලා සිටියේය.