NEWSNOW | – යම් රටක දූෂණය පැවතීම යනු ජාතික සංවර්’ධනයට බාධා ඇති කරමින් එම රට විනාශ කර දමන පිළිකාවක්ව යනු විශ්ව පිළිගැනීමකි. දශක ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාව සිහින මැව්වේ දූෂණය පිටුදැකීමට කැප වූ රජයක් ගැනයි. මෙම සිහිනය නිදහස ලැබී වසර වසර 76 කට පසු දැන් ජාතික ජනබලවේග රජයක ස්වරූපයෙන් සැබෑ වී ඇත. ජාතික ජනබලවේගයේ ප්‍රධාන ඡන්ද පොරොන්දුව වූයේ සහ දැනට මූලික අවධානය යොමු වී ඇත්තේ දේශපාලන හා නිලධාරී යන අංශ දෙකෙහිම ඔඩු දුව ඇති දූෂණය තුරන් කිරීම කෙරෙහි බව පෙනේ.
එන්.එම්. එම්. මිෆ්ලි -(විශ්‍රාම ලත් නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්)
මෙම අසීරු කටයුත්ත ජාතික ජනබලවේග රජයක් සාර්’ථකව සිදු කරනු ඇතය යන බලාපොරොත්තුව නිසා එහි ජය වෙනුවෙන් දීපව්‍යාප්ත මහජන සහයෝගයක් පසුගිය ජනාධිපතිවරණයෙහි මෙන්ම මහමැතිවරණයෙහිද ප්‍රකාශ විය. කෙසේ වෙතත්, ජාතික ජනබලවේගයට පැවරී ඇති මෙම භාරදූර වගකීම දෙපැත්ත කැපෙන කඩුවක් වැනිය නොහොත් මෙම කටයුත්ත දැලි පිහියෙන් කිරි කෑම වැනිය. එය ඉටු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජනබලවේග රජය අපොහොසත් වෙයි නම් ඔවුන්ට ලැබුනු එම දැවැන්ත ජනවරම ඒ හා සමාන විරෝධයක් බවට පෙරළිය හැකිය.
දූෂණ වර්’ග
දූෂණය එහි මූලාරම්භ අනුව දේශපාලන දූෂණය සහ නිලධාරී මට්ටමේ දූෂණය ලෙසින් ප්‍රධාන වර්’ග දෙකකට බෙදිය හැකිය.
දේශපාලන දූෂණය යනු මහජන සුබසාධනයට වඩා පුද්ගලික අවශ්‍යතාවලට මුල්තැන දෙමින්, මහජන බලය, රාජ්‍ය ආයතන හෝ සම්පත් පුද්ගලික හෝ පක්ෂග්රාහී වාසි සඳහා තේරී පත් වූ මැති ඇමතිවරුන් විසින් අනිසි ලෙස භාවිතා කිරීම වේ.
අනෙක් අතට නිලධාරී මට්ටමේ දූෂණය යනු රාජ්‍ය ආයතනවල සිටින රාජ්‍ය නිලධාරීන් විසින් මහජන යහපත බිල්ලට දෙමින් තම තනතුරු සහ බලය පුද්ගලික වාසි සඳහා සදාචාර විරෝධී මෙන්ම නීති විරෝධී ලෙස යොදා ගැනීමයි.
මෙම දූෂණ ආකාර දෙකම දේශයට හානිකර වන නමුත් වැඩියෙන්ම හානිකර සහ දෙනිකව රට පුරා සිදු වන දූෂණ වර්’ගය ලෙසින් නිලධාරී මට්ටමේ දූෂණය සඳහන් කළ හැකිය. එපමණක් නොව රාජ්‍ය සේවය ක්‍රියාත්මක කිරීමේ මට්ටමින් සිදුවන සහ හානිය සිදු කරන සහ හානියට ලක්වන පාර්’ශ ව දෙකෙහිම කැමැත්ත අනුව රහසිගතව සිදුවන මෙම දූෂණය හඳුනා ගැනීම සහ නවතා දැමීම අතිශය දුෂ්කරය.
දේශපාලන දූෂණය සහ නිලධාරී මට්ටමේ දූෂණය අතර ඇති මුලික ලක්ෂණ
ක්‍රමවේද දේශපාලන දූෂණය බලාධිකාරිය අපයෝජනය කිරීමක් වන අතර, නිලධාරී මට්ටමේ දූෂණය නෛතික හිඩැස් සහ අසීමිත හෙවත් ඊනියා අභිමත බලතලය අපයෝජනය කරයි
මෙහෙයුම් මට්ටම: දේශපාලන දූෂණ සිදු වන්නේ ඉහළ තීරණ ගැනීමේ මට්ටම්වලදී වන අතර, නිලධාරී මට්ටමේ දූෂණය සිදු වන්නේ රාජකාරී ක්‍රියාත්මක කිරීමේ මට්ටමිනි. තවත් ලෙසකින් කියනවා නම් දේශපාලන දුෂණය ‘ කොමිස්’ ස්වරූපයෙන්ද නිලධාරී මට්ටමේ දූෂණය ‘අල්ලස්’ ස්වරූපයෙන් සිදු වේ
ක්‍රියාත්මක වීමේ වේගය: ඉඳහිට මහා පරිමාණ වලින් දොරවල් වැසූ ශීත කාමරවල සිදුවන දේශපාලන දූෂණයට සාමාන්‍යයෙන් වැඩි කාලයක් ගත වන අතර, නිලධාරී මට්ටමේ දූෂණ දෛනිකව සහ ක්ෂණිකව මහපාරේ මෙන්ම මේසයක් යටින්ද සිදු වේ.
විහිදුම: සිදුවන වාර ගණනින් සුළු විය හැකි එහෙත් පරිමාණයෙන් දැවැන්ත වන දේශපාලන දූෂණයට සපේක්ෂව නිලධාරී මට්ටමේ දූෂණය ප්‍රමාණයෙන් කුඩා විය හැකි නමුත් එහි ව්‍යාප්තිය පුළුල්ය සහ දෛනික වාර ගණනින් ඉහළය.
නිරීක්ෂණය වීමේ වියහැකියාව: පවතින සකීය මාධ්‍ය ක්‍රියාකරකම් සහ තාක්ෂණය නිසා ඉහළ පෙළේ මැති ඇමතිවරුන් සහ නිලධාරීන් අතළොස්සක් පමණක් සම්බන්ධ වන දේශපාලන මට්ටමේ දූෂණයක් රටට සම්පුර්’ණයෙන්ම කොලය වසා සිදු කිරීම මඳක් අපහසුය. එනමුත් නිලධාරී මට්ටමේ දූෂණය ගත් කල බොහෝ විට මෙය සිදු වන්නේ සාමාන්‍ය රට වැසියෙකු සහ කොස්තාපල්වරයෙකු ලිපිකරුවෙකු වැනි පහළ මටට්මේ රාජ්‍ය සේවකයෙකු අතර බැවින් මෙන්ම ‘ තලන්නා ‘ සහ ‘පෙළෙන්නා´ යන දෙදෙනාටම මෙය වසන් කරන්නට අවශ්‍ය බැවින් මෙය බොහෝ විට නිරාවරණය හෝ අනාවරණය වන්නේ නැත.
කෙසේ වෙතත්, ජාතික ජනබලවේග රජය මෙම දෙයාකාර දුෂණයටම තිත තබන්නට කැපවී සිටින බව පෙනෙන්නට තිබීම බලාපොරොත්තු ඇති කරයි. මෙයට පෙර බලයට පත් වුනු කිසිදු රජයක් රටේ මෙවන් රෝගයක් තිබෙන බවක් හෝ ඒවා තුරන් කරන්නට තමන් කටයුතු කරන බවක් හුදු ඡන්ද පොරොන්දු ලෙසින් හෝ කී බවක් අපගේ සිහියට නොනැගේ.
නිලධාරී මට්ටමේ දූෂණ හිඩැස් වසා දැමීම
නිලධාරී මට්ටමින් දූෂණයට එරෙහිව ඵලදායි ලෙස සටන් කිරීමට නම් එහි මූල හේතූ ආමන්ත්‍රණය කිරීම සහ සදාචාර විරෝධී ක්‍රියාවන් සක්‍රීය කරන මං වසා දැමීම ඉතා වැදගත් වේ. මූල හේතූ පහත සඳහන් පරිදි හඳුනාගත හැකිය.
රාජ්‍ය සේවකයන්ට ලැබී ඇති අසීමිත බලතල
- නීතිවල ඇති හිඩැස්
- උසස් නිලධාරීන්ගේ ලිහිල්භාවය
- නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අකාර්යක්ෂමතාවය
- අසීමිත බලයේ භූමිකාව
රාජ්‍ය සේවය කාර්’යක්ෂමව පවත්වාගෙන යාමට යම්කිසි බලතල ප්‍රමාණයන් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට ලබා දීම වැළැක්විය නොහැක්කකි. කෙනෙකුට මස් කපන වැඩේ භාර දෙන විට ඔහුගේ අතට පිහියක් දිය යුතුමය. අචාරය සිදු වන්නේ ඔහු එම පිහිය පෙන්නා මිනිසුන්ගෙන් සල්ලි උදුරන්නට පටන් ගන්නා විටය.
අසීමත හෙවත් අභිමත බලය යනු වල් බූරු ලයිසමක් නොවේ.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්’ලිමේන්තුවේදී පසුගියදා සිදු කළ හෙළිදරව් කිරීම්වලින් ජනාධිපති අරමුදල සම්බන්ධ දූෂණ හෝ අක්‍රමිකතා සිදු වු අවස්ථා කිහිපයක්ම අනාවරණය විය. මෙම අරමුදලින් දේශපාලඥයින් කිහිප දෙනෙකුම සාමාන්‍ය රට වැසියෙකුට සිහිනයෙන්වත් සිතිය නොහැකි විශාල මුදල් ප්‍රමාණ ලබා ගෙන ඇති අතර එක් දේශපාලනඥයෙකුට පමණක් දරීද්‍රතාවය තුරන් කිරීමට වෙන් කරන ලද අරමුදලින් රුපියල් මිලියන 300 ක් ලබා ගෙන ඇත. තූරන් කිරීමට කෝටි තිහක්ම අවශ්‍ය වන තරමට ‘අසරණ’ වු දේශපාලනඥයාගේ අර දුක කුමක්දැයි අපට නම් සිතා ගන්නට නොහැකිය.
ජනාධිපති අරමුදලේ අරමුණු 1978 අංක 7 ජනාධිපති අරමුදල් පනතේ 6 වෙනි වගන්තියෙහි පැහැදිලිවම සඳහන් කරමින් ජනාධිපතිවරායගේ නිර්’දේශ අනුව හා අරමුදලේ මණ්ඩලය අභිමත අනුව පහත අරමුණු උදෙසා සාධාරණ ලෙස අවශ්‍ය වන අසරුණ අයට එහි මුදල් ලබා දීම එම මණ්ඩලයේ වගකීම වනු ඇත යැයි අවධාරණය කර ඇත.
(a) දරිද්‍රතාවය තුරන් කිරීම
(b) දැනුම හෝ අධ්‍යාපනය ප්‍රවර්’ධනය කිරීම
(c) ආගමික අවශ්‍යතා සහ ආගමික වතාවත් මෙන්ම ආගමික ස්ථාන නඩත්තුව
(d) ජනාධිපතිවරයගේ සහ මණ්ඩලයේ අභිමතය අනුව මහජන සුබසාධන කටයුත්තක් යැයි පෙනෙන අවශ්‍යතාවයක්
ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අරමුදලේ මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට පනත මගින් ජනාධිපතිවරයාට බලය පවරා ඇත. කෙසේ වෙතත්, මෙම අභිමත බලය පරම නොවේ. අවභාවිතය වැළැක්වීම සහ නීතියේ මූලික අරමුණු සමග පෙළ ගැස්වීම සහතික කිරීම සඳහා කොන්දේසි සහ සීමාවන්ට එය යටත් වේ. එවැනි අධිකාරියක් අනිසි ලෙස භාවිතා කිරීමෙන් මහජන විශ්වාසය පළුදු වන අතර මහජන සුබසාධනයට සේවය කිරීමට අදහස් කරන අරමුදලේ අරමුණුද පරාජයට පත් වේ.
ද සිල්වා එදිරිව අතුකෝරල (1993, 1 SLR 283 පිටු. 296-297) යන සුප්‍රසිද්ධ නඩුවෙහිදී නිරපේක්ෂ සහ සීමිත අභිමතය අතර වෙනස විනිසුරු ප්‍රනාන්දු මහතා විසින් පැහැදිලිව විස්තර කරන ලදී. සාමාන්‍ය පුද්ගලයෙකුට තම දේපළ විකිණීමේ පරම බලය ඇති අතර එය සඳහා තමන්ට කැමති මිලක්ද ඔහුට ඉල්ලා සිටිය හැකිය. කෙසේ වෙතත්, රාජ්‍ය නිලධාරියෙකුට ඔහුගේ බලය සීමිත බැවින් පොදු දේපලක් විෂයයෙහි එසේ සිතූ මතේ කටයුතු කළ නොහැකිය. ඔහු සාධාරණ හා සද්භාවයෙන් කටයුතු කළ යුතු අතර නීත්‍යානුකූල සහ මහජන අවශ්‍යතාවයට අදාළ හේතූ මතම ක්‍රියා කළ යුතුය.
සාමාන්‍ය පුද්ගලයෙකුගේ ක්‍රියාව උසාවියකින් අභියෝගයට ලක් කළ නොහැක්කේ ඔහුට අසීමිත බලයක් සහ තමන්ට රිසි සේ ක්‍රියා කිරීමේ අතිතියක් ඇති බැවිනි. එනමුත් රාජ්‍ය නිලධාරියෙකුගේ ක්‍රියාව අධිකරණයකදී අභියෝගයට ලක් කළ හැකිය. මන්ද යත් ඔහුට ක්‍රියා කිරීමට ඇති බලය සහ නිදහස පරම නොවන හා සීමා වලට යටතේ බැවිනි.
නීතියේ ඇති සිදුරු
නීතියේ ඇති හිඩැස් යනු නීතියේ අපේක්ෂිත අරමුණට නොගැලපෙන ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි හිඩැස් හෝ ව්‍යාකූල තත්වයන් වේ. දූෂණය සඳහා මෙම හිඩැස් අපයෝජනය කිරීම මෙන්ම බොහෝ විට අයක්ති සහගත වාසි ප්‍රයෝජන ලබා ගැනීම සඳහා නීතියේ ඇති මෙම ව්‍යාකූල තත්වයන් අපයෝජනය කරනු ලැබේ.
ජනාධිපති අරමුදල් පනතේ 6 වැනි වගන්තිය අප සලකා බලමු, එහි මූලික අරමුණ දිළිඳුකම පිටුදැකීම බව පැහැදිලිවම එහි සඳහන් කර ඇත. කෙසේ වෙතත්, පනතේ අර්’ථ නිරූපණ වගන්තිය (13 වැනි වගන්තිය) මහ බැංකුව නිර්’වචනය කරන නමුත් සුවිශේෂීව දරිද්‍රතාවය’ යන යෙදුම නිර්’වචනය නොකරයි. මෙම අතපසුවීම මහජන සුබසිද්ධියට වඩා පුද්ගලික අවශ්‍යතාවලට මුල්තැන දෙමින් දේශපාලන නායකයින් සහ ජනාධිපතිවරුන් ඇතුළු දූෂිත රාජ්‍ය නිලධාරීන්ට පුද්ගලික හෝ පක්ෂග්රාහී වාසි සඳහා මෙම අරමුදලෙන් පිහිට පැතීමේ දුර්වලතාවයක් නිර්’මාණය කරයි.
දරිද්‍රතාවය සහජයෙන්ම විෂයාත්මික වන අතර එය සාපේක්ෂ හෝ නිරපේක්ෂ ලෙස වර්’ගීකරණය කළ හැකිය. සාමාන්‍ය බුද්ධිය පවසන්නේ පනත විසින් ආමන්ත්‍රණය කර ඇති දරිද්‍රතාවය පරම දරිද්රතාවයන බව වන අතර එය පැහැදිලිවම නිර්වචනය කර නිශ්චය කළ හැකි තත්වයකි. එයට ප්රතිවිරුද්ධව, සාපේක්ෂ දරිද්‍රතාවය වඩාත් අපැහැදිලි සහ විවෘතව පවතින අතර, එය නීතියේ සීමාවන් ඇතුලත නිර්වචනය කිරීම අපහසුය හා දණ්ඩවිමුක්තියෙන් යුතුව නීතියට කොකා පෙන්වීමේ හැකියාවද එයට ඇත.
දූෂිත නිලධාරීන්ට සහ එවැනි මැති ඇමතිවරුන්ට පනතේ සැබෑ අරමුණු මග හැර සුදුසුකම් නැතිවම අයුතූ ප්රතිලාභ ලබා ගැනීමට ඉඩ සලසන්නේ නීතියේ ඇති මෙවන් හිඩැස් හෙවත් ව්යාකූලතාවයන්ය. මෙමගින් පනතේ අරමුණ ඉටු නොවනවා පමණක් නොව රජය කෙරෙහි මහජන විශ්වාසයද පළුදු වේ.
ඉහළ නිලධාරීන් දුෂණය විෂයයෙහි නිහඬ වීම
දූෂණය වැලැක්වීමට බාධකයක් වන තවත් වැදගත් කරුණක් වන්නේ දූෂණය කෙරෙහි ඉහළ ප්‍රධානීන් දක්වන ලිහිල් භාවය එය නොසලකා හැරීම සහ තමන් යටතේ සේවය කරන්නන්ගේ දූෂිත ක්‍රියාවන්ට එරෙහිව දැඩි පියවර නොගැනීමයි. මෙම ආකල්පය දූෂණයට එරෙහිව සටන් කිරීමේ උත්සාහයන් සැලකිය යුතූ ලෙස අඩපණ කළ හැකිය. මන්ද එය දණ්ඩ විමුක්තිය ඉගි කරන අතර සංවිධානයක් හෝ පද්ධතියක් තුළ සදාචාර විරෝධී හැසිරීම්ද දිරි ගන්වයි.
ප්‍රධානීන් තමන් යටතේ සිටින නිලධාරීන්ගේ දූෂණවලට එරෙහිව පියවර නොගැනීමට විවිධ හේතූ තිබිය හැකිය. ඉහළ නිලධාරීන් තමන් කරන දුෂිත ක්‍රියා විෂයයෙහි ජ්‍යෙෂ්ඨයන් අහක බලා ගත යුතුය යන අපේක්ෂාව ඉන් එකක් වන අතර දුෂිත ජ්‍යෙෂ්ඨයන්ට ඇති දේශපාලන දැනැඳුම්කම්වලට මෙන්ම වෘත්තීය සමිතිවල විරෝධයට බිය වීම අනෙක් හේතු වේ.
නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අකාර්’යක්ෂමතාවය
නිලධාරී මට්ටමින් දූෂණ වැළැක්වීමේ තවත් ප්‍රධාන බාධකයක් වන්නේ රහස් පොලිසිය, අල්ලස් හෝ දූෂණ කොමිසම සහ නීතිපති දෙපාර්’තමේන්තුව වැනි අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අකාර්’යක්ෂමතාවයයි. මාගේ මෙම මතයට 2024 දෙසැම්බර් 09 දූෂණ විරෝධී දිනය සමරන උත්සවයෙහි අදාළ ඉහළ පෙළේ නිලධාරීන් ඉදිරියේ අල්ලස හා දූෂණ ගැන ජනාධිපති අනුර දිසානායක මහතා කළ කථාවම කදිම සාක්ෂියකි. ඔහු එවිට මෙසේ පැවසුවේය.
“සෑම වසරකම දෙසැම්බර් 9 දූෂණ විරෝධී දිනය සැමරීම හොඳ දෙයක් වුවත් එවිට අප දකින අවාසනාවන්ත යථාර්ථය නම් දූෂණය පසුගිය වසරට වඩා මෙම වසරෙහි දුෂණය වැඩි වී තිබීමයි. මෙම දිනය සැමරීමට අපට ඇති අයිතිය හුදුවේ එම දිනය සමග පමණක් බැඳි කරුණක් නොව එය හා බැඳුණු අභිලාෂයන් සහ අපේක්ෂාවන් අප කෙතරම් හොඳින් අගය කර තිබේද යන කරුණ හා සම්බන්ධ වන්නකි. මෙම මුලධර්මයන් ආරක්ෂා කිරීමට අපොහොසත් වුවහොත්, ලබන දෙසැම්බර් 9 වන දින එම අවස්ථාව සැමරීමට මෙහි රැස් වීමෙහි තේරුමක් ඇත යැයි මා විශ්වාස කරන්නේ නැත.”
මගේ ජීවිත කාලයෙහි බොහෝ දෙනෙකු බලය අපයෝජනය කරනු මා දැක තිබෙනවා. නිදසුනකට එක්තරා ගොනුවක් නීතිපත දෙපාර්’තමේන්තුවේ වසර හතක කාලයක් පුරා සේප්පුවක අගුලු දමා තිබේ. මෙවන් ක්‍රියා කිසිසේත් පිළිගත නොහැකිය. එසේම සමහර ෆයිල් ඒවා ගොනු කළ දින සිට දිරා යන තෙක්ම අතවත් නොතබා තිබීමද කිසිසේත් පිළිගත නොහැකියි. රහස් පොලිසිය විසින් සිදු කරන ඇතැම් විමර්’ශන අදාල ෆයිල් දිරාපත් වන තෙක්ම ඇදෙමින් පවතිනවා. මේවා හුදුවේ ආයතනික ගැටළු නොවන අතර මෙමගින් ප්‍රදර්’ශනය වන්නේ අදාල ආයතන වලට පවරන ලද බලය අපයෝජනය කිරීමයි. මෙවැනි අපයෝජන ගැන කථා නොකර අර්’ථවත් ප්‍රගතියක් අත් කර ගරුනීමට කිසිසේත් හැකි වන්නේ නැත. යම් ෆයිල් එකක වැදගත්කම රඳා පවතින්නේ එහි නම සඳහන් වන පුද්ලයා අනුවද කිය මා අසන්නට කැමතියි.
එනිසා මෙම උදාර මෙහෙයට නිපුණයන් කණ්ඩායමක් ලෙසින් පුර්’ණ සහය ලබා දෙන මෙන් මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. අප මෙය කරන්නේ නැතිනම් කරන්නේ කවුද? දෙහියත්තකණ්ඩිය වැනි ඈත ගම්මානයක සිටින ගොවියෙකු හෝ සාමානය පුරවැසියෙකු මෙම කාර්’ය භාරය ඉටු කරනු ඇතිද? මෙය අපගේ වගකීමක් වන අතර අප මෙය නොකළොත් කිසිවෙකු කරන්නේ නැත. එනිසා ඔබ සැමට පවරා ඇති රාජකාරීය ඔබලා ඉටු කරනු ඇත යැයි මම විශ්වාස කරනවා. ලබන දෙසැම්බර් 9 වන දිනයට නියම වටිනාකමක් එක් වන බව සහතික කිරීමට අපි හැමෝම එක්ව වැඩ කරමු
රටේ නායකයාගේම විවේචනයට වඩා මෙම ආයතනවල අකාර්’ යක්ෂමතාවයට තවත් සාක්ෂි අවශ්‍ය නැත යැයි මා සිතමි.
නිලධාරී මට්ටමින් දූෂණය තුරන් කිරීමට වහාම ගත යුතු පියවර කවරේද?
ඉහත සඳහන් කළ පරිදි රාජ්‍ය නිලධාරීන්ට ලබා දී ඇති බලතල, නීතියේ සිදුරු, ඉහළ නිලධාරීන්ගේ ලිහිල්භාවය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අකාර්යක්ෂමතාව යන සිව්වැදෑරුම් හේතූන් දූෂණයට ප්‍රධාන වේ. මෙම හේතූන් වැලැක්වීම සඳහා ඵලදායී හා කාර්’යක්ෂම ක්‍රියාමාර්’ග මගින් නිලධාරී මට්ටමේ දූෂණය පිටුදැකිය හැකිය යැයි මා තරයේ විශ්වාස කරමි.
පළමු පියවර ලෙසින් පහත සඳහන් දෙපාර්’තමේන්තු සහ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත ඉහළ බලතල සහිත කමිටුවක් පත් කළ යුතුය. නැතහොත් දූෂණය වැලැක්වීම අරමුණු කරගත් පහත සඳහන් කාර්’යයන් ඉටු කිරීමට රාජ්‍ය සේවයේ ප්‍රධානීන් කිහිප දෙනෙකු යොමු කළ යුතුය.
නියෝජිතයන්
1. නීතිපති දෙපාර්තමේන්තුව
11. වේගණන ජනරාල්වරයා
III. මුදල් අමාත්‍යාංශය
IV. දේශීය ආදායම් දෙපාර්’තමේන්තුව
V. ශ්‍රී ලංකා රේගුව
VI. සුරාබදු දෙපාර්’තමේන්තුව
VII. පොලිස් දෙපාර්’තමේන්තුව
VIII. ශ්‍රී ලංකා වරලත් ගිණුම්කරුවන්ගේ ආයතනය
IX. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය
යෝජිත කාර්යභාර / යොමු නිර්දේශ
ගත යුතු පියවර
- හැකි පමණ බලතල අවම කිරීම
- අපයෝජනය කළ හැකි හා පුද්ගලික වාසි සඳහා යොදා ගත හැකි බලතල හඳුනා ගැනීම
- නිලධාරීන් විසින් අනුගමනය කළ යුතූ රති මත පදනම්වූ පද විග්රහ ප්‍රකාශයට පත් කිරීම (අතිරේක ඇගයීම් නිකුත් කිරීමේ උපදෙස් සහිතව දේශීය ආදායම් කොමසාරිස්වරා නිකුත් කළ චක්‍රලේඛනය මෙයට නිදසුනකි)
- රීති මත පදනම්වූ එම පැහැදිලි කිරීම් මහජනයාටද දැක බලා ගත හැකි පරිදි ප්‍රසිද්ධ කිරීම
- පහත පියවර බලය අපයෝජනය කළ නොහැකි අයුරීන් නීතිය දැඩි කිරීම
- අදාල නීතිවල ඇති ව්‍යාකූලතාවය සහ වැරදි අර්ථ නිරූපණයට මග පෑදිය හැකි පද යෙදුම් ඉවත් කිරීම සඳහා ඒවා සංශෝධනය කිරීම
- අපයෝජනයට මග පෑදිය හැකි ව්‍යාකූල තැන්වලට පැහැදිලි නිල අර්ථ කථන සහ රීතීන් ප්‍රකාශයට පත් කිරීම
- එම නිල අර්ථ කථන සහ රීතීන් මහජනයාටද දැක බලා ගත හැකි පරිදි ප්‍රසිද්ධ කිරීම
- දූෂණයට වැරදිකරුවන් වන නිලධාරීන්ට කිසිදු ලිහිලක් නොපෙන්වීම. මේ සඳහා පහත පියවර ගත හැකිය.
- දුෂණ වැරදි පැමිණිලි කරන්නන්ට ආරක්ෂාව සැලසීම සහ ඔවුන්ගේ අනන්යතාවයන්වල රහස්‍යබව සුරැකීම
- දුෂණය ගැන විමසිල්ලෙන් සිටීමට මෙන්ම උපාය දූතයන් ලෙස දායක වීමට මාධ්‍යය සහ අදාල රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු සිවිල් සමාජය දිරිගැන්වීම
- ජ්‍යෙෂ්ඨයන් විසින් සිදුකරන දුෂණ වැරදි ඔප්පු වනතෙක් ඒවා සඳහා අදාල ඉහළ නිලධාරීන් වග විය යුතුය යැයි දැන්වීම
නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අකාර්යක්ෂමතාවය තුරන් කිරීමට පහක පියවර යෝජනා කෙරේ:
නොසැලකිල්ලට වගකීම: තාක්ෂණික ගැටළු හෝ ක්‍රියා පටිපාටි වලට අනුකූල නොවීම හේතුවෙන් අවාසි සහගත විනිශ්චයන් හෝ නඩු ඉවතලීමට හේතු වන කිසියම් නොසැලකිල්ලක් සඳහා සෑම නිලධාරියෙකුම පුද්ගලිකව වගකිව යුතු බව දැන්වීම
සුදුසුකම මත පදනම්වු තනතුරු උස්සවීම්: උසස්වීමේ පදනම විය යුත්තේ කාර්’ය සාධන ඇගයීම් සහ කුසලතා පමණි. මුඛ්‍ය කාර්’ය සාධන දර්’ශකයක් (KPl) සම්පූර්ණ කිරීමේදී 75% ට වැඩි සාර්’ථකත්ව අනුපාතයක් ලබා ගැනීම අනිවාර්’ය කළ යුතුය.
ආයතනික ප්‍රධානීන්ගේ වාර්’තා: ආයතනික ප්‍රධානීන් විසින් දුෂණ විමර්ශන සාර්’ථක වීම හෝ අසාර්’ථක වීම සම්බන්ධව සහ වැඩිදියුණු කිරීම් සඳහා වන යෝජනා සහිතව සමසකට වරක් අදාල අමාත්‍යාංශ වෙත සවිස්තරාත්මක වාර්තා ලබා දිය යුතුය.
අවසාන වශයෙන්, නිලධාරී මට්ටමේ දූෂණ වැළැක්වීම සඳහා ශක්තිමත් ආයතනික ප්‍රතිසංස්කරණ, විනිවිද පෙනෙන පද්ධති සහ ක්‍රියාකාරී මහජන සහභාගීත්වය ඒකාබද්ධ කරන පරිපූර්ණ ප්‍රවේශයක් අවශ්‍ය වේ. වගවීම පිළිබඳ සංස්කෘතියක් රටේ පෝෂණය කිරීම, අධීක්ෂණ යාන්ත්‍රණ වැඩිදියුණු කිරීම සහ සදාචාරාත්මක භාවිතයන් ප්‍රවර්ධනය කිරීම මගින්, පෞද්ගලික අවශ්‍යතාවලට වඩා රාජය සේවකයන් මහජන යහපතට සේවය කරන බව මහජනයාට සහතික කළ හැකිය. දූෂණයට එරෙහිව සැබවින්ම ඔරොත්තු දෙන සහ සාධාරණ ප්‍රගතියක් සඳහා කැපවී සිටින පාලන පද්ධතියක් ගොඩනැගිය හැක්කේ තිරසාර උත්සාහයන්, සාමූහික වගකීම සහ නොසැලෙන කැපවීම තුළින් පමණි.
එන්.එම්. එම්. මිෆ්ලි
විශ්‍රාම ලත් නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්
mifly1234@gmail.com