ඊශ්‍රායල හමුදා භටයන් සියදිවි නසා ගැනීම ඉහළ යයි

0
77

NEWSNOW | –  ගතවුනු 2023 ඔක්තෝම්බර් මස ගාසා තීරයේ යුද්ධය ආරම්භ වු වකවානුවේ සිටම ඊශ්‍රායල හමුදා භටයන් අතර සියදිවි නසාගැනීම ක්‍රමක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව ඊශ්‍රායල හමුදාව පවසයි. ගාසා තීරයට මෙහෙයුම් සඳහා ඇතුල් වන භටයන් කොයි මොහොතේ කුමන පැත්තෙන් මරණීය ප්‍රහාරයක් එල්ල වේදෝ යන නිතර පවතින බිය නිසා සිහිය විකල් තත්වයට පත්වන අතර මෙනිසා ඇතැම් සොල්දාදුවන් මරණය යනු මෙම බියට වඩා සැපතකි යැයි සිතා සිය දිවි නසා ගනිති.

Breaking the silence: I tried to commit suicide in the IDF - +972 Magazine

මෙයට අමරතරව මෙම බිය නිසා දහස් ගණන් භටයන් හමුදා සේවය දමා පළා යන්නටද පටන් ගෙන ඇත. මෙම හානිකර ප්‍රවණතාවය නවතා දමන්නට ඊශ්‍රායල ආරක්‍ෂක අංශය දැඩි පියවර ගනිමින් සිටියි. සටන ආරම්භ වී ගත වුනු මාස 15 ක කාලය තුල සේ දක්වා සිය දිවි නසා ගත් ඊශ්‍රායල හමුදා භටයන්ගේ සංඛ්‍යාව 28 කි. මෙයට සාපේක්‍ෂව 2021 සහ 2022 වසරවල පිළිවෙලින් භටයන් 14 දෙනෙකු සහ 11 දෙනෙකු සිය දිවි නසා ගෙන ඇත. ඊශ්‍රායල භටයන් මෙසේ සියදි වි නසා ගන්නා විට සහ සේවයෙන් පළා යමින් සිටින විට ගාසාවේ තරුණයන් තම ජීවිතය දේශය වෙනුවෙන් කැප කිරීමේ ආවේගය නිසා දැඩි කැමත්තකින් වැඩි වැඩියෙන් හමාස් සංවිධානයට බැඳෙමින් සිටිති.

මේ අතරින් ‘ලෝක චණ්ඩියා’ යැයි තමන්ව කියා ගන්නා එක්සත් ජනපද හමුදාවේ තත්වය අතිශය හාස්‍යජනකය. ලෝක සංග්‍රාමවලින් පසුව එක්සත් ජනදපය විදේශ රටවලට ගොස් සිදු කළ මෙහෙයුම් ගත් කල සක්‍රීය ගැටුම්වලට වඩා මානසික පීඩනය ඉවසා ගන්නට නොහැකි සිය දිවිනසා ගත් ඇමරිකන් හමුදා භටයන්ගේ සංඛ්‍යාව නව ගුණයකින් වැඩි බව ඇමරිකාවේ පෙන්ටගනයම පවසයි. මෙහි විශේෂත්වය වන්නේ එක්සත් ජනපදය තම චණ්ඩිකම් පෙන්වන්නට තෝරා ගන්නේ රුසියාව චීනය වැනි ප්‍රබල රටවල් නොව තුන්වන ලෝකයේ වියට්නාමය, ඉරාකය, ඇෆ්ගනිස්තානය, සිරියාව, ලිබියාව, ඉරානය වැනි දුබල රටවල් වීමයි. එම රටවලද ඇමරිකාවට සිදු වුයේ අන්ත පරාජයට පත්ව පළා ඒමටය. වියට්නාමයේ ඇමරිකන් හමුදාව බැට කෑවේ ගොවියන්ගේ අතින් වන අතර ඇෆ්ගනිස්තානයේ ඔවුන්ට මදියි නොකියන්නට නෙලුවේ තලප්පා සහිත මුල්ලාවරුන්ය.

Listen Commander, Do You Understand Me Now?': Israel's Lone Soldiers Decry Spike In Suicide - i24NEWS

මෑත කාලීනව ඇමරිකාව වැඩියෙන්ම හොට දැම්මේ සහිපරිප්පු කෑවේ’ තමන්ට කිසිදු සම්බන්ධයක් හෝ තර්’ජනයක් නැති ඉහත සඳහන් වැනි රටවලට අසත්‍ය හේතු දක්වමින් ගොස් මෙහෙයුම් සිදි කිරීමට යාම නිසාය. එවිට ඇමරිකන් හමුදාවට වැඩියෙනම් සිදු වුයේ කඳවුරුවලට ගාල් වී බියෙන් ගැහි ගැහී සිටීමට හෝ සතුරු පෙදෙස් හරහා යමින් කොයි මොහොතේ කොයි පැත්තෙන් මරණීය ප්‍රහාර එල්ලවේදා්ය යන බියෙන් සැලි සැලි සිටීමටය. මෙම අඛණ්ඩ මානසික පීඩන තත්වය නිසා අවසානයෙහි සිහිය විකල් වී සිය දිවි නසා ගන්නට ඇමරිකානු භටයන් පෙළඹෙති.

කෙටියෙන් කීවොත් සිල්වෙස්ටර් ස්ටැලෝන්ලා, චක් නොරිස්ලා, ආනොල්ඩ් ස්වැසනිගර්’ලා හොලිවුඩ් ච්ත්‍රපටවල පෙනී සිටිමින් වියට්නාමයේ හෝ ඇෆ්ගනිස්තානයේ විස්සක් තිහක් සතුරන්ට පට පට ගා මැෂින් තුවක්කුවෙන් වෙඩි තබා මරා දමා පෙරලා නිරුපද්‍රිතව හෙලිකොප්ටරයක එල්ලී ආපසු එන සැලෝලයිඩ් චණ්ඩිකම් පෙන්වුවද සත්‍ය තත්වය එය නොවේ. සත්‍ය තත්වය නම් ඇමරිකන් වීරයන් වැඩියෙන් මැරෙන්නේ පණ බයෙන් මිස විරෝධාර ලෙසින් සතුරන් සමග මුහුණට මුහුණ ලා සටන් කීරීම නිසා නොවන බවයි.

මෙයට අමතරව හමාස් ප්‍රහාරවලින් මිය ගිය ඊශ්‍රායල භට සංඛ්‍යාව 2023 වසරෙහි 558 ක් වු අතර 2024 වසරෙහි එය 363 දක්වා පහළ ගොස් ඇති බවද ආරක්‍ෂක අංශ පවසයි. එනමුත් හමාස් සටන්කාමීන්ගේ ප්‍රකාශ අනුව මෙම සංඛ්‍යා අසත්‍ය බව සහ ප්‍රහාරවලින් මිය ගිය ඊශ්‍රායල භට සංඛ්‍යාව මෙයට වඩා ඉතා වැඩි බව පැවසේ. යුද්ධයක පැටලී සිටින පාර්’ශව තමන්ගේ පසුබෑම අවම කර අස්‍ය ප්‍රකාශ නිකුත් කිරීම ලොව සාමාන්‍ය සිරිතකි. මේ අතර ගැටුම හා බැඳි හදිසි අනතුරු නිසා භටයන් 23 දෙනෙකු මිය ගිය බව ඊශ්‍රායල යුද හමුදාවේ මානව සම්පත් අංශයේ ප්‍රධානියා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

TheYeshiva.net - Rabbi YY Jacobson

භටයන් සියදිවි නසා ගැනීම ආමන්ත්‍රණය කිරීමට පැය 24 උපදේශන සේවා පවත්වන්නට ඊශ්‍රායල රජය කටයුතු කරමින් සිටියි. මේ අතර ඊශ්‍රායල පාර්’ලිමේන්තුව වන නෙසට්හි අදහස් දැක්වු මහාචාර්’යවරිය තමාර් හර්’මන් පසු ගිය දිනවල පැවැත්වු සමීක්‍ෂණයක් මගින් භටයන් සියදිවි නසාගැනීම සම්බන්ධ ඊශ්‍රායල ආරක්‍ෂක අංශ නිකුත් කරන ප්‍රකාශ මත වන මහජන විශ්වාසය බෙහෙව්න්ම පහළ වැටී ඇති බව පැවසුවාය. එමෙන්ම ලොව අන් රටවල හමුදාවලට වඩා ඊශ්‍රායල හමුදාව තමන්ට ඇති වන පසුපෑම් හැ බැඳි තොතුරු විකෘති කිරීම පිළිබඳ කුප්‍රකට ප්‍රසිද්ධියක් දරන බවද ඇය පෙන්වා දුන්නාය.