NEWSNOW | – සමස්ත ලංකා ජමියතුල් උලමා – පුත්තලම නගර ශාඛාව සමඟ පුත්තලම මහ පල්ලිය, PUTWA පුත්තලම ව්‍යාපාරික සංගමය, නහ්දා සංවිධානය, පුත්තලම නගර සභාව, පුත්තලම මූලික රෝහල සහ සිවිල් සමාජ සංවිධාන එක්ව පවත්වන ලේ දන් දීමේ වැඩසටහන පසුගිය 04වන සෙනසුරාදා සාර්’ථකව පැවැත්වුණි.
“ලේ බිඳක් දන් දෙන්න – ජිවිතයක් බේරාගන්න” තේමාවෙන් ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන එදින දවස පුරා පැවති මෙම උත්සවයේදී 140 දෙනෙකු පමණ ස්වේච්ඡාවෙන් තම ලේ පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූහ.
මෙහිදී උලමාවරුන් 50 දෙනෙකු පමණ මෙම අවස්ථාවට සහභාගී වී ඔවුන්ද ලේ පරිත්‍යාග කරමින් මානුෂීය මෙහෙවරක් කළේ අන් අයට ද ආදර්’ශයක් ලබා දෙමිනි.
මෙම උත්සවය වඩාත් සුවිශේෂී කිරීමට පුත්තලම දිස්ත්‍රික්කයේ සර්වාගමික නායකයින් 4 දෙනෙකු ද සහභාගී වී මෙම විශේෂ අවස්ථාවට ආශිර්’වාද පළ කළහ. ඊට පුත්තලම දිස්ත්‍රික් පාර්’ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් මහතාද සහභාගී විය.
සමස්ථ ශ්‍රී ලංකා ජමියතුල් උලමා නගර ශාඛාව විසින් මෙම අවස්ථාවට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීම ද සිදු කරන ලදී.