NEWSNOW | – 2025 ජනවාරි 01 වනදා සිට ස්විට්සර්ලන්තයේ ප්‍රසිද්ධ ස්ථානවල කිසිවකුට මුහුණ වසා ගැනීමට ඉඩ නොතබන බව එරට රජය දැනුම් දී ඇත.
2021 දී ජනතාව විසින්ම මෙම “බුර්කා තහනම” සම්මත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව ඊයේ(01) සිට ස්විට්සර්’ලන්තයේ මුහුණු ආවරණ තහනමක් ක්‍රියාත්මක වේ. මුහුණු ආවරණ තහනම ස්විට්සර්ලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇඳුම් රෙගුලාසි ඇතුළත් කර ඇති පළමු අවස්ථාව වේ. කෙසේ වෙතත්, කවුරුන් හෝ ප්‍රසිද්ධ ස්ථානයක මුහුණු ආවරණය කර සිටිය හොත් ඩොලර් 1,143ක දඩයක් ගෙවීමට සිදුවේ.
මෙම තහනම සහ දඩ මුදල් මූලික වශයෙන් බලපාන්නේ බුර්’කාව හෝ නිකාබ් වැනි මුහුණු ආවරණ පැළඳ සිටින මුස්ලිම් සංචාරකයින්ටය. සංචාරක විශේෂඥයින් බිය වන පරිදි, ආසන්න සහ මැදපෙරදිග සිට පැමිණෙන අමුත්තන්න් ස්විට්සර්’ලන්ත ඈත් වේද යන්න තවමත් දැකගත හැකිය.
ස්විට්සර්ලන්තයේ මුස්ලිම්වරුන් 400,000 ක් පමණ ජීවත් වෙති. ෆෙඩරල් කවුන්සිලයට අනුව, ඔවුන්ගෙන් කිහිප දෙනෙකු පමණක් ඔවුන්ගේ මුහුණු ආවරණය කරයි.