NEWSNOW | – 1977 සිට 1981 දක්වා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස කටයුතු කළ ජේම්ස් (ජිමි) කාටර් පසුගිය දෙසැම්බර් 29 වන දින තම සියවෙනි වියෙහි අවසන් හුස්ම හෙලුවේය. පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලයේ සිදු කරන සැහැසිකම් හෙළා දුටු එකම ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස ‘කාටර්’ ඉතිහාස ගත වීම විශේෂයකි.

මෙම මතය ඔහු 2006 වසරෙහි ලියු පැලස්ටයින්: පීස් නොට් ඇපාතීඩ් යන ග්‍රන්තයෙහි ඔහු විස්තරාත්මචකව සඳහන් කර තිබු. වසරක් ඉක්මවා දැනට ඊශ්‍රායලය විසින් ගාසා තීරයෙහි සිදුකරමින් සිටින ජනසංහාර නිසා මේ දක්වා 45000 කට අධික ගාසා වැසියන් ඝාතණය වී ඇති අතර එයින් අති බහුතරයක්ම ස්ත්‍රීන් සහ කුඩා ළමුන් වෙති. කාර්ට පෙර සහ පසු බලයට පැමිණි සියලුම ජනාධිපතිවරුන් ඊශ්‍රායලයේ සැහැසිකම්වලට පුර්’ණ සහය ලබා දුන් අතර මෙම මසින් අවසන් වන්නට නියමිත හා පවතින ජෝ බයිඩන් පාලනයද එජා සංවිධානයේ සටන් විරාම තීරණවරල එරෙහිව සිය නිෂේධ බලය යොදා ගනිමින් සහ ඊශ්‍රායලයට ඩොලර් බිලියන ගණනින් අවි ආයුධ ලබා දෙමින් පලස්තීන සමුළඝාතනයට සම්පුර්’ණ අනුග්‍රහය ලබා දෙමින් සිටියි.
එක්ස් ජනපදයේ ජෝර්’ජියා ප්‍රාන්තයේ රට කජු වගා බිම් හිමි ජිමි කාටර් එක්සත් ජනපදයට පත් වුනු 39 වන ජනාධිපතිවරයා විය. ජනාධිපති ලෙස බලයේ සිටින විට පමණක් නොව1981 වසරෙහි ධවල මන්දිරයෙන් නික්ම ගිය පසුවද කාටර් සිය පලස්තීන ලැදි ස්ථාවරය අත් හැරියේ නැත. මේ සඳහා කාටර් මධ්‍යස්තානය නමින් සංවිධානයක්ද ඔහු ස්ථාපිත කළේය. මෙම අන්තයෙන් ඔහු සිදු කළ වැදගත්ම දායකත්වය වන්නේ 1979 වසරෙහි මිසරය හා ඊශ්‍රායලය අතර සාමය ඇති කිරීම සඳහා සාර්’ථකව දියත් කළ කෑම්ප් ඩේවිඩ් සාම ගිවිසුමයි. අරාබි රටක් විසින් ඊශ්‍රායලය විධිමත් රාජ්‍යයක් ලෙස පිළිගන්නා ලද එකම හා අවසන් අවස්ථාව වුයේද එයයි.
කෙසේ වෙතත් ඊශ්‍රායලයේ සැහැසි ක්‍රියා විවේචනය කිරීම නිසා යුදෙව් අභිබවනය ඇති ඇමරිකන් දේශපාලන කරළියේ නොසතුටට කාටර් නිරන්තරයෙන්ම ලක් විය. විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ සුදු ජාතික පාලකයන් එහි භූමි පුත්‍රයන් වන නීග්‍රෝ ජාතිකයන්ට දන්වන ලද ජාතිවාදි සැහැසිකම්වලට ඊශ්‍රායලයේ සැහැසිකම් කටාර් සමාන කිරීම නිසා යුදෙව් මුදලාලිලාගේ මෙන්ම ඔහුගේම ඩොමාක්‍රටික් පක්‍ෂයේද උදහසට ඔහු ඉලක්ක විය.
‘යුදෙව්වන් සිය දේශපාලන හා හමුදාමය ආධිපත්‍යය උපයෝගී කරගනිමින්, බලයෙන් අල්ලාගෙන සිටින ප්‍රදේශවල මුස්ලිම් සහ ක්‍රිස්තියානි පුරවැසියන් මත අර්’ධ වශයෙන් ඉවත් වීමේ, වටකිරීමේ සහ වර්’ණ භේදවාදයේ ක්‍රමයක් පටවති’ යැයිදිපලස්තීනුවන් වෙතින් යුදෙව් පදිංචිකරුවන් වෙන් කිරීමට සැලසුම් සහගත උත්සාහයක් ඊශ්‍රායලය දියත් කර ඇත. එවිට යුදෙව් පවුලකට ජෙරුසලමේ සිට බටහිර ඉවුරේ සහනාධාර සහිත ඔවුන්ගේ නිවස වෙත ගමන් කළ හැකි අතර, අන් අයට මෙය තහනම් කර ඇත. මෙමගින් අරාබින්ගේ ජීවිතයේ කිසිදු පැතිකඩක් සමඟ යුදෙව්වන් සම්බන්ධ වන්නට ඇති ඉඩකඩ ඊශ්‍රායලය සිතාමතාම අහුරා ඇති අතර බටහිර ඉවුරේ ඉදි කර ඇති තාප්ප සහ මුරපොල්වල් පලස්තීන වැසියන්ට සාමාන්‍ය ජන ජීවිතයක් අහිමි කර ඇත. පලස්තීන වැසියන්ට මුලික මානව හිමිකම් පවා නැති අතර ඔවුන්ගේ ඉඩම් සහ දේපළ ඊශ්‍රායල විසින් රාජසන්තක කර පසුව එහි යුදෙව් ජනාවාස ඉදි කරනු ලැබේ’ යැයිද ඔහු සිය කෘතියෙහි සඳහන් කළේය.
එමෙන්ම පලස්තීන වැසියන් සම්පත්වලට ප්‍රවේශ වීමට ඊශ්‍රායලය කුමන්ත්‍රණශීලීව ගෙන ඇති ක්‍රියා මාර්’ගද කාටර් සිය පොතෙහි අනාවරණය කළේය.බටහිර ඉවුරේ පලස්තිනුවන් මිලියන තුනක් ෆතා සංවිධානය සහය සහිත පලස්තීන අධිකාරිය යටතේ වාසය කරන අතර එය පාලනය වන්නේ ඊශ්‍රායල හමුදාව විසිනි. පලස්තීන අධිකාරයට ඇත්තේ සීමිත බලතල පමණි. ඇැතම් පාරවල පවා ගමන කළ හැක්කේ ජනාවාසවල වාසය කරන යුදෙව්වන්ට පමණක් වන අතර රැකියා අවස්ථාද පලස්තීනුවන්ට ඉතා විරලය.
හමාස් සංවිධානය සමග සබඳතා පැවැත්වීම වෙනත් බොහෝ බටහිර නායකයින් මෙන් නොව, 2006 දී ෆතා සංවිධානයේ අනුග්‍රහය ලබන පලස්තීන අධිකාරිය පරාජය කිරීමෙන් පසු ගාසා තීරයේ පාලනය අත්පත් කරගත් පලස්තීන සටන්කාමී කණ්ඩායම වන හමාස් සමඟ සබඳතා පැවැත්වීමටද කාටර් නිර්’භීතව පියවර ගත්තේය.
එක්සත් ජනපදය සහ අනෙකුත් යුරෝපා රටවල් විසින් හමාස් යනු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙන විටම කාටර්’ගේ මතය වුයේ හමාස් සංවිධානය සාම සාකච්ඡාවලින් බැහැර කිරීම විස්තීරණ යෝජනාවක් සඳහා ඇති අපේක්ෂාවන් අඩපණ කරන බවයි. කාටර් මධ්‍යස්ථානය ජාත්‍යන්තර නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කරමින් පලස්තීනයේ තත්වය නිරීක්ෂණය කරමින් සිටි අතර 2006 මැතිවරණයේදී ඓතිහාසික වශයෙන් ශක්තිමත් ෆතා සාමාජිකයන් පවා හමාස් අපේක්ෂකයින්ට පුර්’ණ සහයෝගය දැක්වු ආකාරය එම බමධ්‍යස්ථානය ලොවට පැහැදිලි කළේය. එම මැතිවරණය කඩාකප්පල් කරන්නට ඊශ්‍රායලය කුමන්ත්‍රණ කළ නමුත් ඒ සැම පරදා මැතිවරණය පැවැත්වුනු අතර හමාස් සංවිධානය දැවැන්ත ජයක් අත් කර ගන්නටද සමත් විය. පසුව 2008 වසරෙහි හමාස් සංවිධානය සමග සාමය සඳහා කාටර් සාකච්ඡා පැවැත්වුයේ සිය දේශපාලන අනාගතයද පරදුවට තබමිනි. 2009 මාධ්‍ය සාකච්ඡාවකදී කටාර් පැවසුවේ හමාස් ප්‍රධානීන් තමන්ට ඉදිරිපත් කළ එකම ඉල්ලීම ගාසා වැසියන්ට ආහාර පාන බාධාවකින් තොරව ලැබීම සහතික කළ යුතු බව පමණක් බවයි.

පලස්තීන වැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට ඇමරිකාව දක්වන අනුග්‍රහය පලස්තීනය ආක්‍රමණය කිරීමට අනුබල දීම ගැන කාටර් නිතර ධවල මන්දිරයට මෙන්ම ඇමරිකන් වැසියන්ටද දැඩි විවේචන එල්ල කළේය. එමෙන්ම ඊශ්‍රායලය විසින් ගනු ලබන සාපරාධී හා නීතිවිරෝධි තීරණ එක්සත් ජනපදය විසින් ප්‍රශ්න කරනු ලබන්නේද කලාතුරකින් යැයි චෝදනා කළ කාටර්, බොහෝ ඇමරිකානුවන් පලස්තීනුවන් විඳින දුක ගැන නොදන්නා බවද අවධාරණය කළේය.
එමෙන්ම එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නෙකු පලස්තීනය විෂයයෙහි ලිහිල් ආකල්ප දක්වන බව ප්‍රකාශ කළොත් ඔහුට හෝ ඇයට කිසි විටෙක ජනාධිපතිවරණයෙන් ජය ගන්නට බැරි තරමට ධනවත් හා බලවත් යුදෙව්වන් විසින් එක්සත් ජනපද දේශපාලනය සිය පාලනය යටතේ තබා සිටින බවද 2006 පැවති මාධය හමුවකදී කටාර් පැවසුවේය. තවද ජෙරූසලමය ඊශ්‍රායලයේ අගනුවර ලෙස 2017 වසාරහි ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය ප්‍රකාශයට පත් කරමින් එක්සත් ජනපද තානාපති කාර්’යාලය ටෙල් අවිව් නගරයේ සිට ජෙරූසලමයට මාරු කළ විට කාටර් එය දැඩි ලෙසින් හෙළා දුටුවේය. ජගත් ප්‍රජාව ජෙරූසලමය සලකන්නේ පලස්තීනයට අයත් භූමියක් ලෙසිනි. පලස්තීනුවන්ගේ අනුමැතියකින් තොරව නැගෙනහිර ජෙරුසලමේ පරිපාලන තත්වය වෙනස් කිරීම යනු සාමය සඳහා වූ සියලු අපේක්ෂා අනතුරේ හෙළන බව පැවසු කාටර්, නැගෙනහිර ජෙරුසලම යනු ඔවුන්ගේම තනි රාජ්‍යයක් සඳහා වන පලස්තීන අභිලාෂයෙහි කුළුණක් යැයිද වර්’ණනා කළේය.
