NEWSNOW | – ලැබුවාවූ 2025 නව වසරට සෞදි තානාපති Khaled bin Hamoud Al-Qahtani සුබ පැතුම් පල කර තිබේ. එම පණිවිඩයේ මෙසේ දැක්වේ.
අති කාරුණික, දයාන්විත අල්ලාහ්ගේ නාමයෙන්,
ශ්‍රී ලංකා ජනරජයේ සෞදි අරාබි රාජ්‍යයේ තානාපති කාර්යාලයේ මා සහ මගේ සගයන් වෙනුවෙන්, අලුත් අවුරුද්ද උදාවීම සමග ශ්‍රී ලංකා රජයට සහ මිත්‍රශීලී ජනතාවට මගේ අවංක සුබ පැතුම් පිරිනැමීමට මම සතුටු වෙමි.
මෙම වසර ශ්‍රී ලංකාවට සහ එහි ආදරණීය ජනතාවට යහපත, සාමය සහ සෞභාග්‍යය පිරි වසරක් වන බවත්, අප දෙරට අතර ප්‍රගතියේ සහ සහයෝගීතාවයේ මාවත සැමගේ යහපත හා ප්‍රතිලාභය සඳහා අඛණ්ඩව පවතිනු ඇතැයි අපි අල්ලාහ්ග දෙවියන්ගෙන් ඉල්ලා සිටිමු.
ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පතුරවන ලෙස අපි දෙවියන්ගෙන් ඉල්ලා සිටිමු.
උණුසුම් සුභපැතුම් සහිතව,
Khaled bin Hamoud Al-Qahtani
ශ්‍රී ලංකා ජනරජයේ සෞදි අරාබි රාජධානියේ තානාපති