වසරේ විශිෂ්ටතම පියා

0
87

NEWSNOW | – මේ ඡායාරූපයේ දැකිය හැකි වන්නේ උතුරු කැරොලිනාවේ පිහිටි Black River ගංගාව ආශ්‍රිත කලාපයකදී ඡායාරූප ශිල්පියෙකුගේ කැමරා කාචයේ සටහන් වුනු දසුනකි.

ඊට අන්තර්’ජාලය තුල විශාල ජනප්‍රියත්වයක් ලැබුණි. මෙහි මුල් කතුවැකිය ලියන Mac Stone නම් ලෝකප්‍රකට ඡායාරූප ශිල්පියා සදහන් කරන ආකාරයට ගංගාවේ ජල මට්ටමේ පහළ යාම නිසා මෙම ඡායාරූපයේ සිටින Flathead Catfish වර්ගයේ මත්ස්‍යයා මෙහි ඇති ගස පාමුල ඉතිරි වූ කුඩා ජල තටාකයේ සිර වී තිබේ. නමුත් ජල මට්ටම පහල යාමේදී මත්ස්‍යයන් වෙනත් ස්ථාන කරා පිහිනායාම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. නමුත් මෙම විශාල මත්ස්‍යයා මෙම ස්තානයේ නතර වූයේ ඇයිදැයි ඡායාරූප ශිල්පියා සොයා බලයි. එවිට ඔහු දකින්නේ මෙම මත්ස්‍යාගේ වලිගය ප්‍රදේෂයේ ඇති රෝස පැහැති බිත්තර කලඹකි. මෙම මත්ස්‍යයන්ගේ බිත්තර රැකබලා ගන්නේ පිරිමි සතුන්ය. ඔවුන් එම බිත්තර කෘමීන්, වෙනත් මත්ස්‍යයන්ගෙන් වගෙම සමහර අවස්තා වලදී බිත්තර දැමූ ගැහැණු මත්ස්‍යයාගෙන්ද ආරක්ෂා කර ගැනීමට සිදුවේ.

මෙම මත්ස්‍යයා මෙලෙස මෙම ස්තානයේ රැදී තිබුනේ තම පැටවුන් ආරාක්ෂා කර ගැනීමට බව ඡායාරූප ශිල්පියාට පැහැදිලි වෙයි. ඔහු සදහන් කර සිටින්නේ මෙම මත්ස්‍යයාට කුමක් සිදුවූයේද යන්න ඔහුට සොයාබැලීම නොහැකි වූ බවයි. නමුත් දින කිසිපයකින් ගංගාවේ ජල මට්ටම ඉහල යන බව දැකීමෙන් තමන් සතුටු වු බව ඔහුගේ සටහනෙහි සදහන් කර ඇත.

Photo by – Mac Stone Photography
පරිවර්තන සටහන – මනුජිත් අබේරත්න