ඇල්බේනියාවේ Tik Tok තහනමක්

0
165

NEWSNOW| –  TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කර තිබේ.

විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති බව සඳහන් ය.

විදෙස් මාධ්‍ය වාර්’තා කර තිබුණේ එම තහනම එළැඹෙන ජනවාරි මාසයෙන් ආරම්භ වන බවය.

ඇල්බේනියාවේ මෙම TikTok කහනම ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මාසයේ පාසලක 14 හැවිරිදි සිසුවෙකුට සිදුකළ පිහි ඇනුම් සිද්ධියක් හේතුවෙන් බව වාර්තා වෙයි.

අදාළ පිහි අනුම් සිද්ධ්යෙන් 14 හැවිරිදි සිසුවා මියගොස් තිබුණි.