අදත් වැසි සහිත කාලගුණයක්

0
138

NEWSNOW| –  දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ  විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්’තමේන්තුව පවසයි.

එමෙන්ම වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්’තමේන්තුව පවසයි.

මීට අමතරව මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.