ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට

0
107

NEWSNOW | –  ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මගී ප්‍රවාහන යාත්‍රාවක එරට නාවික හමුදා බෝට්ටුවක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මියගිය පුද්ගලයින් අතර ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්’තා පවසයි.

අදාළ නාවික යාත්‍රාවට වේගය පාලනය කරගත නොහැකිව මගී ප්‍රවාහන නෞකාවේ ගැටී තිබේ.

අනතුරෙන් මගී යාත්‍රාවේ සිටි පුද්ගලයින් සිය දෙනෙකුට අධික පිරිසක් මුදා ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව වාර්තා වේ.

නාවික යාත්‍රාවේ එන්ජිමේ සිදූවු දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇති බවට අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්’ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්ය.