ජනතා විමුක්ති පෙරමුණ 3% සිට 61% දක්වා ජයග්‍රාහී මාවතට ගියේ කෙසේද?

0
38

NEWSNOW | – මෙම වසරේ පැවති ජනාධිපතිවරණය සහ මහමැතිවරණය අපගේ දේශපාලන ඉතිහාසයට නව යුගයක් ගෙන ආවේය යැයි කීවොත් එය අතිශයෝක්තියක් වන්නේ නැත. බටහිර යටත්විජිතවාද යුගය ගත් කල එහිදි අපගේ සියලු‍ අයිතීන් උදුරා ගන්නා ලදුව අතිශය පීඩාකාරී කාලපරිච්ඡේදයක් සුදු ආධිපත්‍යවාදී පාලනයක් යටතේ ලාංකිකයන් අත්විඳුහ. එවිට අපගේම රටේ අපගේ පැරැණ්නන්ව සලකන ලද්දේ වහළුන් නැත්නම් දෙවන පන්තියේ පුරවැසියන් කොටසක් ලෙසිනි.

මෙම කාලය තුළ අපේ ජාතික ධනය සුද්දන් කොල්ලකා පොදු රාජ්‍ය මණ්ඩලය කිරුළ සරසන්නට යොදා ගන්නා ලදි. එකල විසු ලාංකිකයන්ව සුදු අධිරාජ්‍යවාදීන් විසින් ජනවාර්ගික, සංස්කෘතික, ආගමික සහ ප්‍රාදේශීය වශයෙන් හිතාමතාම කොටවා බේද බින්නවා පාලනය කරන ලදි. මෙහි අරමුණ වුයේ සමාජ ආතතිය පවත්වා ගැනීම තුලින් නිදහස් වීම ගැන සිතන්නට කාල අවකාශ භූමි පුත්‍රයන්ට ලබා නොදීමයි.

අධාරාජ්‍යවාදි පාලනය වසර 450 ක් පමණ පැවති අතර එය දෙවන ලෝක යුද්ධයත් සමග අවසන් වී 1948 වසරෙහි අප දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත්තෙමු.
සුද්දන් පිටව විට ඔවුන් බලය පැවරුවේ කළු සුද්දන්ටය. මොවුන් වනාහි ඉහළ පැලැන්තියේ ලාංකිකයන් වු අතර සම කළු වුවද මනසින් ඔවුන්ද සුද්දන්ට සමානය. කෙසේ හෝ යටත් විජිතවාදීන්ගෙන් පසු මෙරටේ පාලනය ඔවුන්ට උරුම විය. 1948 ආරම්භ වුනු මෙම කළු සුද්දන්ගේ වහල් පාලනය අවසන් වුයේ 2024 හෙවත් මෙම වසරෙහිය. මෙම අතීත වකවානුවේදී අපගේ කළු සුද්දන්ද ඔරිජිනල් සුද්දන්ට නොදෙවෙනි අපුරු පන්නයේ යටත් විජිතවාදයක් – වෙන නමකින් – පවත්වා ගෙන ගියහ. සුද්දන් යොදා ගත් බෙදා පාලනය කිරීමේ උපාය මොවුනුත් අනුගමනය කළහ. අහිංසක වැසියන් ජාතියේ සහ ආගමේ නාමයෙන් ඇණකොටා ගන්වමින් සිටි විට මෙම පාලන පන්තියේ කළු සුද්දන් සමාන මත දරන ගජමිතුරන් සමග එක්ව සුවසේ රට සුරා කන්නට වුහ. මේ සඳහා ඔවුන් දේශප්‍රේමී වෙස් වළාගත්හ. බලයට කෑදර මෙම දේශපාලන ප්‍රභූන් තත්වය සැමදා තමන්ට වාසිදායකව තබා ගැනීමට වග බලා ගත්හ. මේ අනුව ජනතාව පාලනය කරන ල්දදේ සියල්ලන්ටම සමාන වූ ස්ථාපිත පාලන නීති පද්ධතියක් මගින් නොව මෙම දුෂිත රොත්ත විසිනි.

මේ අනුව බෙදා පාලනය කිරීමේ’ උපාය මගින් සහ සැලසුම් සහගත කුමන්ත්‍රණ මගින් මිනිසුන් අතර ගැටුම් සහ ආරවුල් ඇති කරනු ලදුව සියලුම ජනකොටස්වලට අයත් වටිනා ජීවිත ලක්‍ෂයක් පමණ බිලි ගන්නා ලදි. ඒ හා සමාන කොටසක් සාක්ෂි නොමැතිව සිරගත කරන ලද අතර ඇතැමුන් රට තුළ ඇති වූ ඛෙදජනක ආර්ථික හා ආරක්ෂක තත්වය හේතුවෙන් විදේශගත වූ අතර මෙය දැවැන්ත බුද්ධි ගලනයකට තුඩු දුන්නේය.

1948 සිට මාරුවෙන් මාරුවට බලයට පැමිණි දේශපාලනඥයන් අවධානය යොමු කළේ ජාතිය ගොඩනැගීමට නොව තම බලය නොකඩවා රඳවා ගැනීමටය. මේ සඳහා ඡන්ද කොට්ඨාශ මායිම් පමණක් නොව තම ප්‍රතිපත්ති පවා වෙනස්කරන්නට එම දේශපාලඥයන් පසුබට නොවුහ. ඩී.එස්. සේනානායකගේ ඉඩම් ජනපදකරණ ප්‍රතිපත්තිය, බණ්ඩාරනායකගේ සිංහල භාෂා ප්‍රතිපත්තිය. ඩී. ඇස්. සේනානායක විසින් වතුකර දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීම, සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුළු ජාතික ප්‍රජාව ආරක්ෂා කිරීමේ වගන්තිය ඉවත් කිරීම, ජේ. ආර්. ජයවර්ධන විසින් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීම, මහින්ද රාජපක්ෂ අසීමිත ලෙසින් බලය අපයෝජනය කිරීම සහ රනිල් වික්‍රමසිංහ බටහිර සමග පෙළගැස්ම සහ බටහිර රටවලට අභ්‍යන්තර බලපෑම් පහසු කරමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත වෙනස් කිරීම මෙන්ම අවසානයෙහි ගෝඨාභය රාජපක්ෂගේ ඊනියා ජනතාවාදී ආර්ථික ප්‍රතිසංස්කරණය සහිඑකම රටක්, එක නීතියක්’ කයිය සහ අත්‍යන්තයෙහි මුළු රටම බංකොලොත් කර පළා යාම ආදිය මේ සඳහා වන නිදසුන් වේ.
ඉන්පසුව ඇති වූිඅරගලයට’ ස්තූති වන්නට කුල, ආගම්, සමේ වර්ණය කිසිවක් තරාතිරම නොබලා සියලු ලාංකිකයන් එකා මෙන් පාරට බැස සිෂ්ටම් චේක්– එකක් වෙනුවෙන් දැවැත්න සටනක් දියත් කළහ. අනතුරුව රනිල් වික්‍රමසිංහට පාලනය පවරන ලද අතර ඔහු වසර දෙකක් පැවති අර්බුදය කළමනාකරණය කළේය. පසුව ජනතා විමුක්ති පෙරමුන ප්‍රමුඛ ජාතික ජන බලවේග සන්ධානය පාර්ලිමේන්තු ආසන 159 ක් අත් කර ගනිමින් බලයට පත් වීමත් සමග පෙරකී දූෂිත කළු සුද්දන්ගේ 76 වසරක දුර්’ධාන්ත පාලන සමය නිමා විය.

එනමුත් ජාතික ජනබලවේගය වටහා ගත යුතු වැදගත් කරුණක් නම් මෙවර ඔවුන් ආසන 159 ක් අත් කර ඇත්තේ පවතින ක්‍රමය නිසා බවයි. ඒ අනුව ඔවුන්ට හිමි තත්‍ය ඡන්ද පදනම 35.04 % සිට 40.40 % දක්වා වන සාමාන්‍ය එකකි. මෙනිසා ආසන මට්ටමින් පාර්ලිමේනතුවේ තුනෙන් දෙකක බලයක් පිළිබිඹු වුවද වත්මන් ජාතික ජනබලවේග රජය දුර්වල රජයක් බවද ඔවුන් අවබෝධ කර ගත යුතුය. එනිසා අර්බුදකාරී තත්වයක මෙන්ම විරුද්ධ පක්‍ෂ වෙන්වී බෙදී ගිය තත්වයක වාසනාවට හිමි කර ගත් ජයග්‍රහණය රඳවා ගනිමින් ජනතාවගේ සහය සහ විශ්වාසය වැඩි කර ගැනීමට නම් ජාතික ජනබලවේගය තමා ලබා දුන් පොරොන්දු ඉටු කරමින් දැඩි වෙහෙසක් දරමින් විශිෂ්ඨ ලෙසින් රට පාලනය කළ යුතුය.

දශක පහක පමණ කාලයක් ජවිපෙ කළ වෑයම මෙන්ම ජාතික ජනබලවේගය ලෙසින් සන්ධානගත වීම නිසා ඉතා දුබල අඩියක තිබුනු ජවිපෙ ඡන්ද පදනම වැඩි කර ගන්නට ජවිපෙට හැකි වී වී ඇත. සමාජවාදි ජවිපෙ මතවාදයට වඩා ප්‍රජාතාන්ත්‍රික ජාතික ජනබලවේගයේ මුහුණුවරට ලාංකිකයන් මනාප වු බවද මෙවර ජනාධිපතිවරණය සහ මහමැතිවරණයෙන් සනාථ වී ඇත.

මෙනිසා රජයක් පිහිටුවන විට ජවිපෙ ආකල්පවලට මුල් තැන නොදී ජාතික ජනබලවේග සංකල්ප ඉදිරියට ගෙන යා යුතු බව ජවිපෙ සිහි තබා ගත යුතුය.
පශ්චාත් යටත් විජිත රටවල්, ස්වාධීන බවට පත් වුවද, එම රටවල බොහෝමයක වත්මන් නායකයින් බටහිර පදයට නටන පඹයන් වන හෙයින් මෙන්ම එම රටවල ජනතාවද විවිධ හේතු මත ජනතාව බෙදී වෙන් වී, ලැබිය යුතු අයිතිවාසිකමක්ද නොමැතිව සිටින හෙයින් පාලකයන් සහ ජනයා අතර පුළුල් පරතරයක් තිබෙනු දැකිය හැකිය. මේ අනුව එම රටවල් සැබවින්ම ස්වාධීන හෝ ස්වෛරී වී නොමැතිය යැයි කිව හැකිය. භූ දේශපාලනික බලපෑම් නිසා මෙම තත්වය දිනෙන් දින නරක අතටම හැරෙමින් තිබේ.
දැන්වත් මෙම තත්වය වෙනස් විය යුතුය.
නව රජයට ජාතිය ගොඩනැගීමට හොඳ දැක්මක් සහ සැලැස්මක් තිබිය හැකි නමුත් බලයට පත්ව සිටින්නන් පහළ යැයි සම්මත පන්තියට අයත් වන්නන් මෙන්ම නවකයන්ද වීම නිසා සමාජය තුළ අපේක්ෂිත වෙනස්කම් ඇති කිරීමට බොහෝ බාධක ඔවුන් ඉක්මවා යා යුතුය.

තම තමන් කටයුතු කරන ආකාරය ගැන දැඩි ස්වයං විමසිල්ලක් නොතිබුනහොත් ඔවුන්ද සාමාන්‍ය මිනිස් දුබලතාවලට ගොදුරු විය හැකිය. පාලය කරන ජාතික ජනබලවේග සන්ධානයේ අස්තිවාරම වන්නේ මතවාදීමය වශයෙන් මෙහෙයවනු ලබන හා අමිහිරි අතීතයක් හිමි ජනතා විමුක්ති පෙරමුණ වීම නිසා ඇතැම් පිළිගත් දේශපාලනමය සම්ප්‍රදායන් හා සම්මුතීන් පිටුදැකීමට ඔවුන් පෙළඹිය හැකිය. එනිසා මහජනයා ඔවුන් කෙරහි අප්‍රසන්න වන්නටද හැකිය. එබැවින්, ඔවුන්ගේ අමාත්‍ය මණ්ඩලයේ සහ රජයෙහි කාශනය පිළිබිඹු කරමින්, සියලු‍ මිනිසුන්ගේ අභිලාෂයන් ඇතුළත් සහ නියෝජනය වන පැහැදිලි සහ විනිවිද පෙනෙන න්‍යාය පත්‍රයක් ඔවුන් විසින් සකස් කිරීම අතිශය වැදගත් වේ. තවද මහජන නියෝජිතයන් ලෙස ජනතාව සහ රාජ්‍යය අතර ගිලිහී ගිය විශ්වාසය යළි ස්ථාපිත කිරීමටද ඔවුන් කටයුතු කළ යුතුය.

බලය බොහෝ අයව දූෂිත කරනු ඇත. අසීමිත බලය අසීමිත ලෙස දූෂිත කරයි. පාලනය දුෂනයෙන් තොරව තබා ගැනීම නව රජයට ඇති දැවැන්ත අභියෝගයකි. අවංක පුද්ගලයන් හඳුනා ඔවුන්ට මහජන අවශ්‍යතා ඉටු කිරීමට අවශ්‍ය වාතාවරණයක් නිර්මාණය කර දිය යුතුය.
වසර 76 ක දුෂිත කළු සුද්දන්ගේ පාලනයෙන් පසු සාමාන්‍ය ජනයාගේ රජයක් බලයට පත්ව ඇත. මෙවර ඡන්ද දෙකෙහිම මහජාතිය දෙකට බෙදී ගිය අතර සුළු ජාතින් සැලකිය යුතු ලෙසින් ජාතික ජනබලවේගයේ ජයට උර දුන්හ. එනිසා සුළු ජනකොටස් ඇතුලුව සියලුම ජනතාවගේ සාධාරණ අභිලාෂයන් ඉෂ්ට කර දීම රජයේ වගකීමකි. එමෙන්ම දේශය ගොඩනැගීම, නීතිය හා සාමය ස්ථාපිත කිරීම, ආර්’ථිකය ශක්තිමත් කිරීම සහ භූ දේශපාලන ඇඟිලි ගැසීම්වලට ඉඩ නොදි ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමද අත්‍යවශ්‍ය වෙයි.

මෙලෙසින් නව රජයට ඇති අභියෝග රාශියකි. ප්‍රමුඛතාවය දිය යුතු වන්නේ දැවෙන ප්‍රශ්නවලට අවධානය යොමු කරමින් ආර්’ථික ශක්තිමත් කිරීමටය. එමෙන්ම පාලකයන් වචනාර්ථයෙන්ම ජනතාව නියෝජනය කළ යුතු අතර සියලු‍ ජන කොටස් එකම ලාංකික ජාතියක් ලෙසින් ගෙන ඔවුන්ව රටට වැඩදායී ලෙසින් මෙහෙයවිය යුතුය. දුර්’වල ආර්’ථිකයක් දරිද්‍රතාවයටද පැවැත්ම සඳහා වන තරගයටද බලය ඇත්තවුන් අනිසි ලෙසින් ධනය රැස් කිරීමටද මග පාදා අන් අය ගැන සිතන පරාර්’ථකාමී සංස්කෘතිය තුරන් කරනු ඇත. මෙම තත්වයන් ජාතික සමගියට හානි ඇති කරමින් නැවතත් වර්’ග වාදය හිස එසවිය හැකිය. එබැවින් ආර්ථිකය ගොඩනැගීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු අතර ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශවල දූෂණයට සහ සම්පත් නාස්තියට එරෙහිව දැඩි නීති පැනවිය යුතුය.
ලොව ධනවත් හා ප්‍රබල රටවල් තමන්ගේ ආත්මාර්ථකාමී න්‍යාය පත්‍ර සමඟ පෙළ ගැසීමට දුර්’වල රටවලට බල කරන භූ දේශපාලනික අභියෝගවලට සූක්ෂ්ම ලෙසින් මුහුණ දිය යුතුය.

මේවා බහුවිධ පැතිකඩ ඇති රාජතාන්ත්‍රික අභියෝග වන අතර ආරුගම් බොක්කේ පළහිලව්ව මේ සඳහා වන හොඳ උදාහරණයකි. එසේම පාලනයේ වෙනසක් ඇති කළ හැකි පාස්කු ඉරිදා ප්‍රහාරය මාලාව වැනි කුමන්ත්‍රණවලටද ඉඩ නොතැබිය යුතුය.

යටත් විජිත සහ නව යටත් විජිත මෙන්ම භූ දේශපාලන බලපෑම් මගින් නටවනු ලබන කළු සුද්දන් සිටින එකම රට ශ්‍රී ලංකාව නොවේ. ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කරමින් සැබවින්ම ස්වෛරී වන්නට උත්සාහ කරන රටවලට මෙය අනතුරු ඇගවීමක් නිසා එය නොසලකා සිටිය නොයුතුය.

මිසරයේ මෑත ඉතිහාසයෙන් මේ පිළිබඳ උගත යුතු පාඩම් අපට ඇත. 1922 වසරෙහි බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු වසර 50 කට වැඩි කාලයක ආඥාපති පාලනයෙන් පීඩා විඳි මිසරය 2012 දී ජනාධිපති මොහොමඩ් මුර්’සිගේ ප්‍රජාතන්ත්‍රවාදී බලයට පත් විය. එවිට බටහිර භූ දේශපාලනය මිසරය සමඟ ගැටෙමින් රජයට දුෂ්කරතා ඇති කළේය. එම බලවේග විසින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම, සැපයුම් දාම කඩාකප්පල් කිරීම, පාලන පද්ධති අසාර්’ථක කිරීම, වාර්’ගික ගැටුම් ඇති කිරීම ආදිය මගින් රජයට දුෂ්කරතා ඇති කරන ලදි.

සෑම පුරවැසියෙකුටම නිදහස දැනෙන තෙක් සහ ජාතියක් ලෙස ගෞරවයෙන් හා අභිමානයෙන් ස්වාධීනව නැඟී සිට ඔවුන්ගේ විවිධත්වයන් අතර රට එකම දේශයක් ලෙස එක්සත් කරන තුරු දේශප්‍රේමී විමුක්තිය අවසන් වන්නේ නැත.