NEWSNOW| – කථානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ නව ජනතා පෙරමුණේ මහරගම සංවිධායක දිනේෂ් අබේකෝන් විසිනි.
ඔහු අද (12) එම පැමිණිල්ල කර ඇත.
මේ අතර 10 වැනි පාර්ලිමේන්තුවේ වත්මන් කථානායකවරයා මැතිවරණයට පෙර සහ පාර්ලිමේන්තු කටයුතු අතරතුර ඉදිරිපත් කළ අධ්‍යාපන සුදුසුකම් නිවැරදි දැයි සාමාන්‍ය ජනතාව තුළ දැඩි සැකයක් පවතින බව නව ජනතා පෙරමුණේ සංවිධායකවරයා පවසා තිබේ.
ඔහු මේ බව සඳහන් කළේ එම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
දසවැනි පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස අශෝක සබුමල් රන්වල මහතා නොවැම්බර් 21 වැනිදා තේරී පත් විය.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත්ගේ නිර්දේශ මත අශෝක රන්වල කථානායකවරයා ලෙස පත් කෙරුණි.