ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ගැන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක්

0
54

NEWSNOW| –  ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික සභාවේ රදගුරුවරයෙකු නොවන බවත් එබැවින් ඔහුව විශ්වාස කර සභාවේ සාමාජිකයන් නොරැවටිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පැහැදිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් කතෝලික රදගුරු සම්මේලනය විශේෂ වාර්තාවක් නිකුත් කර තිබේ.

“ජෙරොම් ප්‍රනාන්දු රදගුරු පදවියට පත් කර ඇති බවට පසුගිය කාලයේ පුවත්පත් දැන්වීම් කිහිපයක්ම පළ වුණා. ඔහු කතෝලික පල්ලියේ රදගුරුවරයෙකු නොවන බව අපට විශ්වාසයි.

ජෙරොම් ප්‍රනාන්දු යනු කතෝලික සභාව තුළ නිල අපෝස්තලික අනුප්‍රාප්තිකයක් නොමැති කතෝලික රදගුරුවරයෙකු නොවේ.

ඒ නිසා මෙවැනි තොරතුරුවලට නොරැවටෙන ලෙස අපි අපේ කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි රදගුරු සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්තානි ජයකොඩි පියතුමාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.