NEWSNOW| – වියදම් වැඩි වීම නිසා ජනාධිපති ලේකම් කාර්’යාලයේ පිහිටා තිබූ අමාත්‍යාංශ ව්‍යපෘති කාර්යාල 38 ක සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් නිකුත් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
එම පිරිස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරී සංචිතයට අනියුක්ත කරමින් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් නිකුත් කර ඇත.
එලෙස මාරු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස අතර ව්‍යපෘති කාර්’යාල 38 අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්ද සිටින බව සඳහන්ය.
ජනාධිපති ලේකම්යෙ කාර්’යාලන් ඉවත් කල ව්‍යපෘති කාර්’යාල 38 ඒ ඒ අමාත්‍යාංශවල පිහිටවනු ඇති බවත් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස නව පත්වීමක් ලැබෙනු තුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයේ සිටිනු ඇති බවත් එම වාර්’තා විය.
ජනාධිපති ලේකම් කාර්’යාලයේ සේවක අතිරික්තයක් තිබෙන බැවින් එහි සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයට අනියුක්ත කරමින් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් නිකුත් කළ බවත් ඇතැම් වෘත්තීය සමිති කාර්යාල පවා ජනාධිපති ලේකම් කාර්’යාලයේ පිහිටා තිබී ඇති බවත් එම උසස් නිලධාරියා පැවැසුවේය.
මෙහි අරමුණ රජය වියදම් ඉතිරි කර ගනිමින් අවම කාර්ය මණ්ඩලයක් යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය පවත්වාගෙන යාම බවද එම උසස් නිලධාරියා ප්‍රකාශ කළේය.
ස්ථාන මාරු කිරීමේ නියෝගයන් ලැබී ඇති එම නිලධාරී පිරිස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වෙළෙඳ පහසුකම් සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇති බවත් ඒ ඒ විෂයන්ට අදාළ අමාත්‍යංශ සමග සම්බන්ධීකරණය කිරීම එම නිලධාරී පිරිසේ රාජකාරිය වී ඇති බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිලධාරී සංචිතයට මාරුවීමට පෙර ඔවුන් සතුව ඇති රාජකාරී ලිපිගොනු සියල්ල එම විෂය ක්ෂේත්‍රයන්ට අදාළ අමාත්‍යංශවලට බාරදී අවසන් කරන ලෙස එම නිලධාරී පිරිසට දැනුම් දී ඇති බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එම නිලධාරී පිරිස සම්බන්ධීකරණය කළ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යාපෘති කාර්’යාල ඊට අදාළ අමාත්‍යාංශයන් වෙත පවරන බැවින් ඔවුන්ව ජනාධිපති ලේකම් කාර්යාලයේ රඳවා තබා ගැනීමට සාධාරණ හේතුවක් නොමැති බවද ජනාධිපති ලේකම් කාර්’යාල ආරංචි මාර්ග පවසයි.