ආපදා ව්‍යාපෘති වලිනුත් ගසා කෑ රජයන්

0
45

NEWSNOW| –  වසර 13ක් පුරා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ව්‍යාපෘති සඳහා ලබා දී තිබූ රුපියල් කෝටි 325කට ආසන්න මුදලක් නාස්ති කර ඇති බව හෙළි වී තිබේ.

ඒ නවතම විගණන වාර්තාවකිනි.

ගංවතුර, නාය යාම්, දැඩි සුළං, මුහුදු වෙරළ ඛාදනය වීම් වැනි ස්වාභාවික ආපදාවලින් ජනතාවට සිදු වන හානිය අවම කර ගැනීම සඳහා අදාළ ව්‍යාපෘති වෙනුවෙන් එම මුදල් වෙන් කර දී තිබුණි.

2011 ජනවාරි මස සිට 2023 දෙසැම්බර් 31 වැනි දින දක්වා මෙම මුදල වෙන් කර දී තිබෙන අතර, ඊට අදාළ ව්‍යාපෘතිවලින් ලැබී ඇති ප්‍රතිඵලය ඉතාමත් ම අල්ප බව විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

ඒ බව වැඩි දුරටත් තහවුරු කර තිබෙන්නේ 2022 මාර්තු මස සිට 2023 දෙසැම්බර් 31 වැනි දින දක්වා එම ස්වාභාවික ආපදාවලට මෙරට පුරවැසියන් 2,36,389ක් ගොදුරු වීම තුළින් ය. රුපියල් කෝටි 325ක මුදල් යෙදැවූ ව්‍යාපෘතිවලින් නිසි ප්‍රයෝජන ලැබුණේ නම්, මේ සා විශාල පිරිසක් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්වාභාවික විපත්වලට ගොදුරු නොවන බව එම වාර්තාවෙන් අවධාරණය කර තිබේ.