ලිට්‍රෝ සමාගමේ ගෑස් මිල සංශෝධනය ගැන නිවේදනයක්

0
66

NEWSNOW | – දෙසැම්බර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි.

කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ලෙස දැනට පවතියි. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල පවතින්නේ රුපියල් 694ක් ලෙසය.

මේ මිල ගණන් මේ ආකාරයටම ක්‍රියාත්මක වෙනු ඇත.