NEWSNOW | – පාර්’ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සහ අපේක්ෂකයන් නියෝජනය කළ පක්ෂවල ලේකම්වරු සහ ස්වාධීන කණ්ඩායම් නායකයන් මැතිවරණයේ ආදායම් සහ වියදම් වාර්’තා මේ මස 6 වැනිදා හෝ ඊට පෙර භාරදිය යුතුබව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව 6 වැනිදා රාත්‍රී 12.00ට පෙර හෝ ඊට පෙර එම වාර්’තා වෙන්ව සකස් කර තරග කළ දිස්ත්‍රික්කවල තේරිම්භාර නිලධාරීන්ට භාරදිය යුතුය. ජාතික ලැයිස්තු අපේක්ෂකයින් ඔවුන්ගේ ආදායම් සහ වියදම් වාර්’තා මැතිවරණ මහලේකම් කාර්’යාලයට භාරදිය යුතු බවද මැතිවරණ කොමිසම සඳහන් කළේය.
අපේක්ෂකයින්ට, අපේක්ෂකයින් නියෝජනය කළ පක්ෂවල ලේකම්වරුන්ට, ස්වාධීන කණ්ඩායම් නායකයින්ට සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ට මැතිවරණ ආදායම් සහ වියදම් වාර්තා භාරදීමට හැකිවන පරිදි සාමාන්‍ය රාජකාරී දිනවල පස්වරු 6.00 දක්වා කාර්යාල විවෘතව තබන බව කියන එම කොමිෂම මෙම මස 6 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සියලුම දිස්ත්‍රික්කවල මැතිවරණ ආදායම් සහ වියදම් වාර්තා භාරගැනීමේ විශේෂ ඒකක විවෘතව තබන බව ද සඳහන් කළේය.
එදින හෝ එදිනට පෙර අදාළ වාර්තා භාරනොදීම මැතිවරණ විදයම් නියාමනය කිරීමේ පනත යටතේ වරදක් වන බැවින් ඒ පිළිබඳ නීත්‍යානුකූලව කටයුතු කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කරයි.