නව රජයට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සුභ පැතුම් පණිවිඩය

0
39

NEWSNOW| –  2024 නොවැම්බර් මස 14දා පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී විශාල ජයග්‍රහණයක් ලබා ගත් ජාතික ජන බලවේගය රජයට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව තම සුභ පැතුම් පණිවිඩය පිරිනැමීම ගැන සතුටට පත් වේ.

එම පණිවිඩයේ මෙසේ දැක්වේ.

ජනතාව සියලු වාද භේද පසෙකලා රටේ සුබදායක බව උදාකර ගැනීමේ දැක්මෙන් බහුතර ප්‍රජාවක් එක්සත්ව රටේ පාලනය ජාතික ජන බලවේගයට ලබාදී ඇත.

පාලනය සහ බලය යනු මහා කාරුණික අල්ලාහ් විසින් මානවයාට පවරා ඇති වගකීමක් බවද ජනතාවට සේවය කිරීමට සුවිශේෂී අවස්ථාවක් නියෝජනය කරන බවද අලුතින් තේරී පත් වූ රජය මෙරටේ සෑම පුරවැසියෙකුගේම ආගමික, සංස්කෘතික හා සමාජීය අයිතිවාසිකම් ආරක්ෂා කර සැමට සමෘද්ධිමත්, සමගිය සපිරි රටක් ගොඩනැගීමට කටයුතු කරනු ඇතැයි අපි තරයේ විශ්වාස කරන්නෙමු.

එලෙස, ජනතාව විසින් අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාද භේදයෙන් අභිබවා රට ජාතියේ ප්‍රගතිය වෙනුවෙන් කැපවීමට හැකියාව, ශක්තිය සහ ධෛර්යය ලැබේවා! යැයි අප මහා කාරුණික අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන අතර රටේ සියලුම පුරවැසියන්ගෙන් නව රජයේ සාධනීය ප්‍රයත්නයන්ට පූර්ණ සහාය ලබා දෙන ලෙස මේ මොහොතේ ඉල්ලා සිටින්නෙමු.

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි

සභාපති

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්