NEWSNOW | – උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 15 ක අත්දැකීම් සහිතව මෙරට රැකියා ක්‍ෂේත්‍රයට දක්‍ෂයින් බිහිකරන බම්බලපිටියේ ඇමසන් කොලේජ් සහ කැම්පස් වාර්’ෂික පවත්වනු ලබන උපාධි ප්‍රධානෝස්වය ඊයේ (24) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත්, තෘතීක වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර ඇති මෙම ඇමසන් කොලේජ් සහ කැම්පස් මෙවරද විද්‍යාර්’ථයින් ඇතුළු ඩිප්ලෝමා ධාරීන් 300කට වැඩි පිරිසක් රටට දායාද කළේය.
ආචාර්’ය උපාධි ධාරීන් 10දෙනෙක් , පශ්චාත් උපාධිධාරීන් 20 දෙනෙක්, උපාධි ධාරීන් 200 දෙනෙක්, HND සමතුන් 20 දෙනෙක්, ඩිප්ලෝමා ධාරීන් 80 දෙනෙකු සඳහා මෙහිදී කුසලතා සහතික පත්‍ර පිරිනමනු ලැබීය.
මෙහිදී ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපති ආචාර්ය යූ එල් අබ්දුල් මජීඩ් මහතාද, ගෞරවනීය අමුත්තන් ලෙස
මාලදිවයින් ජනරජයේ පාර්’ලිමේන්තු මන්ත්‍රී හුසේන් ෂරීෆ් මහතා, විශේෂ අමුත්තන් ලෙස ශ්‍රී ජයවර්’ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා දෙපාර්’තමේන්තුව මහාචාර්’ය ප්‍රනීත් අබේසුන්දර මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්’ය .එස්. යෝගරාජා මහතා,ශ්‍රී ජයවර්’ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්’ය උදයකුමාර අමරසිංහ මහතා, මාලදිවයිනේ Avid College හි සභාපති අබ්දුල්ලා මුස්තාක් රෂාද් මහතා, තිරුක්කෝවිල් කලාප අධ්‍යාපන කාර්’යාලයේ ආර්.උදයකුමාර් මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස් .සේතුරත්නම් මහතා, තොරතුරු තාක්ෂණ කර්’මාන්ත අංශයේ සම්මේලනයේ අධ්‍යාපන අංශයේ සභාපති ක්‍රිස්ටි සැමුවෙල් මහතා, බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්’තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආචාර්’ය ඒ.එල්.ෆරීඩ්, එක්සත් රාජධානියේ ජාත්‍යන්තර නීතිඥ සංගමයේ ජාතික නියෝජිත,Colombo Associatesහි විධායක අධ්‍යක්ෂ නීතිඥ අජ්රා අසාර් මහත්මිය, මැලේසියාවේ DMDI හි ශ්‍රී ලංකා සභාපති අන්වර් උළුමුදීන් මහතාද එක්ව සිටියහ.
තවද ජාත්‍යන්තර නියෝජිතයන් ලෙස දකුණු කොරියාවේ හොවන් විශ්ව විද්‍යාලයේ උපදේශක ජි යන්ග් ලී මහත්මිය, ඕස්ට්‍රේලියාව ක්වීන්ස්ලන් විශ්ව විද්‍යාලයේ
අලෙවි අධ්‍යක්ෂ Adam Janai මහතා, ඇමරිකා එක්සත් ජනපදයේ Avila විශ්ව විද්‍යාලයේ නියෝජිත ප්‍රියංකා තිරුචෙල්වම් මහත්මිය ඊට සහභාගී වුහ.
මෙහිදී පිළිගැනීමේ කතාව සිදු කළේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 25ක ප්‍රවීණතාවයක් සහිතව විවිධ බාධක දුෂ්කරතා මධ්‍යයේ තමන් ලබාගත් අධ්‍යාපනයේ වටිනාකම මෙරට දරු පරපුරට ලබාදීමේ උතුම් පරමාර්’ථය මත, මෙම ඇමසන් කොලේජ් සහ කැම්පස් ආරම්භ කල එහි නිර්’මාතෘ ඉල්හාම් මරිකාර් මහතා විසිනි.
මෙම උත්සව සභාවේදී තමන් ලැබූ උපාධියේ වටිනාකම සහ මෙම උසස් අධ්‍යාපන ආයතනයේ ඇති වැදගත්කම පිළිබඳව සිසුහු අදහස් දැක්වූහ.