කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයින්ට දැනුම් දීමක්

0
59
NEWSNOW | – කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයින්ට හා විදේශකයින්ට සිය ජීවමිතික ඇඟිලි සලකණු ලබා දෙන ලෙස එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය දැනුම් දීමක් කරයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ එලෙස ඇඟිලි සලකුණු ලබා දිය හැකි අවසාන දිනය 2024 දෙසැම්බර් 31 දිනය බවයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්’යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඇඟිලි සලකණු එරට අභ්‍යන්තර අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති ස්ථානවලදී ලබාදෙන ලෙසය.
ඒ අනුව ජීවමිතික ඇඟිලි සලකුණු කුවේට් රාජ්‍යයට අයත් “Sahel” මෘදුකාංගය භාවිතා කිරීමෙන් හෝ “Matta” නමැති ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදය හරහා ඇඟිලි සලකුණු ලබාදීම සඳහා වේලාවක් වෙන්කර ගැනීමට කාලය වෙන් කරවා ගත හැක.
එමෙන්ම ඔන්ලයින් ක්‍රමවේදයට ඇඟිලි සලකුණු ලබාදීමට සුදුසු ආසන්න ස්ථානයක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.
ඒ අනුව හවාලි, ෆර්වානියා, අහමාද්, මුබාරක් අල් කබීර්, ජහ්‍රා, යන ස්ථානයන් හී පිහිටි ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලවල එය ස්ථානගත කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙයට අමතරව අලි ‍සබා අල් සලීම්, උම් අල් – හයෙමාන් සහ ජහ්‍රා ප්‍රදේශවල පිහිටි ඇඟිලි සලකණු ලබාදීම සඳහා වන පුද්ගලයින් විමර්ශනය කිරීමේ දෙපාර්තමේන්තු‍වේ දී සිදුකළ හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් “The Times Kuwait” පුවත්පත මගින් සඳහන් කර ඇත්තේ ඇඟිලි සලකුණු ලබා නොදෙන විදේශිකයන්ගේ සියලුම රජය හා බැංකු කටයුතුවලට බාධා පනවන බවය.