වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ අරඹයි

0
194
NEWSNOW | – වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ ආරම්භ කරයි.
නව රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යධූරයෙන් පිදුම් ලැබු වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා ඊයේ (19) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාර ගන්නා ලදී.
සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාරගැනීමෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ජනතාව විශාල බලාපොරොත්තුවක් තබමින් අති විශාල බහුතරයක්, පාර්’ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ලබාදෙමින් නව රජය බලයට පත් කරන ලද්දේ රට ඉදිරියට ගෙනයාමට බවත්, ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය එම වගකීම ඉතා ඉහළින්ම ඉෂ්ඨ කරන බවත් ජනතාවට පොරොන්දු වන බවයි.