NEWSNOW | – ආරක්‍ෂක ලේකම්වරයා ඊයේ (10) ආරුගම් බොක්ක ප්‍රදේශයේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වී තිබේ.
මෙම සංචාරයේදී ප්‍රදේශයේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර ඇති අතර, ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන් විසින් දැනට ක්‍රියාත්මක සැලැස්ම පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කරන ලදී.
ඒ අනුව ප්‍රදේශයේ ආරක්ෂාව මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සංචාරක ආකර්’ෂණ ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්’ග පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කළේය.
සංචාරකයන්ගේ නිදහසට බාධාවක් නොවන පරිදි ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන් තුළ විශ්වාසයක් ගොඩනැගෙන පරිදි ක්‍රියාමාර්ග ගත යුතු බව ද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, විශේෂ කාර්’ය බළකාය සහ පොලිස් නිලධාරීන් ද ආරක්ෂක ලේකම්වරයා සමඟ එක්ව සිටියහ.