NEWSNOW | – මුස්ලිම් කාන්තා පර්’යේෂණ හා ක්‍රියාකාරී සංසදය සහ පූගොඩ කුමාරිමුල්ල මරියම් ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලය එක්ව වැල්ලවත්තේ ඉස්ලාමීය අධ්‍යයන සහජීවන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ‘අපගේ පල්ලිය වෙත සාදරයෙන් පිළිගනිමු’ තවත් වැඩසටහනක් පසුගියදා සාර්’ථකව පවත්වන ලදී.
බෞද්ධ හා ක්‍රිස්තියානි ආගමික පූජකවරුන්, රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, විශේෂ කාර්’ය බළකායේ සාමාජිකයින්, පාසල් ගුරුවරුන් සහ සිසුන් ඇතුළු විවිධ ආගම්වල අමුත්තෝ 700 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මුස්ලිම් පල්ලියක් තුළ සිදු කරන්නා වූ ආගමික වතාවත් මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය හා සම්බන්ධ විෂයන් ,ඇඳුම් පැළඳුම් පිළිබඳවත් දැනුවත් කිරීම අරමුණු කර ගත් මුස්ලිම්වරු සහ මුස්ලිම් නොවන සමාජය අතර අවබෝධය තව තවත් දියුණු කිරීමේ උතුම් වූ වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ඉස්ලාමීය අධ්‍යයන සහජීවන මධ්‍යස්ථානය විසින් දීර්’ඝ කාලයක් සිට නොකඩවා පැවැත්වීම විශේෂතත්වයකි.
මෙහිදී මුස්ලිම් පල්ලියේ මාර්’ගෝපදේශක චාරිකාව, ප්‍රශ්නෝත්තර සැසි, පෝස්ටර් ඇදීම, අල් කුර්’ආන් ප්‍රදර්’ශනය, ඉස්ලාමය පිළිබඳ පොත් එකතුව, හෙනා කෝනර් නම් මුස්ලිම් කාන්තාවන්ගේ සංස්කෘතික අංගයක්වන හෙනා මෝස්‌තර දැමීම, කැමැත්තක් ඇති අයට හිජාබ් ඇඳ බැලීමේ අවස්ථාවද ලබා දී තිබුණි. එසේම අමුත්තන්ගේ නම් නොමිලේ අරාබි අක්ෂර වලින් (Calligraphy) ලිවීමටත් සාම්ප්‍රදායික මුස්ලිම් ආහාර පිරිනැමීමත් මෙම මුස්ලිම් පල්ලි සංචාරයට ඇතුළත් විය.
ඉස්ලාමීය අධ්‍යයන සහජීවන මධ්‍යස්ථානයේ උප සභාපති ආසිෆ් හුසේන් මහතා, මුස්ලිම් පල්ලියේ භාරකරුවන්ට ඔවුන්ගේ සහයෝගය වෙනුවෙන් ස්තුතිය පුද කළේය. මෙම වැඩසටහන සාර්’ථක කර ගැනීම සඳහා බේරුවල ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනය ,තිහාරිය ෆාතිහ් ඇකඩමිය සහ තන්වීර් ඇකඩමිය , හක්කානියා අරාබි විදුහල, යන ආයතන කිහිපයක් නියෝජනය කරමින් සහභාගී වූ සිසුන් සහ තවත් ස්වේච්ඡා කණ්ඩායම් මෙම වැඩසටහන් සාර්’ථ ක කර ගැනීම සඳහා ඉමහත් දායකත්වයක් ලබා දුන්හ.