රියදුරු බලපත්‍ර 3000ක් තාවකාලිකව අවලංගු කරයි

0
160
NEWSNOW | – මේ වසරේ මේ දක්වා රියදුරු බලපත්‍ර තුන්දහසකට අධික ප්‍රමාණයක් අධිකරණය විසින් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්’තමේන්තුව (DMT) වාර්’තා කරයි.
DMT කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසුවේ ජනවාරි මාසයේ සිට මේ දක්වා බලපත්‍ර 3,249 ක් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
රියදුරන් විසින් සිදු කරන ලද විවිධ වැරදි සම්බන්ධයෙන් පැවති නඩු විභාගවලදී අධිකරණය මගින් රියදුරු බලපත්‍ර තාවකාලිකව අවලංගු කරන ලද බව ඔහු වැඩිදුරටත් පැවසීය.