ඉසිපතන විද්‍යාලයීය නෙතිනෙතෙර මාධ්‍ය දිනය – ‘මුස්තාක්’ වසරේ හොඳම නිවේදකයා ලෙස සම්මාන ලබයි

0
61

NEWSNOW | –   ඉසිපතන විද්‍යාලයීය නෙතිනෙතෙර මාධ්‍ය දිනය පසුගිය 29වන දින කැලණිය NIIBS සම්මේලන මධ්‍යස්ථානයේ දී අති උත්කර්’ෂවත් අන්දමින් පැවැත්වුණි. මේ සඳහා දිවයිනේ පාසල් නියෝජනය කරමින් අංකුර පාසල් ජනමාධ්‍යවේදීන් රැසක් සහභාගි වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස චන්දන සූරියබණ්ඩාර මහතා සහභාගී විය. එහිදී වසරේ හොඳම නිවේදකයා ලෙස මුස්තාක් හුසේන් සම්මානයට පාත්‍ර වූයේය. සමස්ත ශූරතාව අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයටත්, අනුශූරතාව මහනුවර කිංස්වුඩ් විද්‍යාලයටත් සහ දෙවන අනුශූරතාව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයත් දිනාගන්නා ලදී.

ඉසිපතන විද්‍යාලයේ හොඳම නිවේදකයා ලෙස සම්මානයට පාත්‍ර වූ මාධ්‍ය දිනයේ ව්‍යාපෘති සභාපති මුස්තාක් හුසේන් සිය පැහැදිලි සහ ආකර්ෂණීය කතාවෙන් ප්‍රේක්ෂකයන්ගේ සිත් ගත්තේය. මීට අමතරව, පාසලේ නැගී එන දක්ෂතම නිවේදිකාව ලෙස Zaid Zufri සම්මානයට පාත්‍ර වූ අතර, ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ සහානි සහීර්’දීන් Quiz Blaster ජයග්‍රාහකයා ලෙසත්, මාධ්‍ය නිරූපකය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ උෂාරා සන්දීපනී සම්මානයට පාත්‍ර වූවාය.

සන්ද්වනි සමස්ත ලංකා ත්‍රෛභාෂික මාධ්‍ය දින තරගවලදී දැක්වූ විශිෂ්ට දස්කම් වෙනුවෙන් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය සමස්ත ශූරතාව දිනා ගැනීමත් සමඟ මාධ්‍ය දිනය උද්යෝගිමත් උච්චස්ථානයකට පැමිණියේය. මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අනුශූරතාව හිමිකරගත් අතර දෙවැනි අනුශූරතාව කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට හිමිවිය.

නෙතිනෙතෙර මාධ්‍ය දිනය යනු හෙට දවසේ නායකයින් හැඩගැස්වීමේදී මාධ්‍ය සාක්ෂරතාවයේ සහ ඵලදායි සන්නිවේදන කුසලතාවයේ වැදගත්කම අවධාරනය කරමින්, දක්ෂතා පිළිබඳ අමතක නොවන සැමරුමකි.