ගාසවේ සමුලඝානයට සහය දෙන ඇමරිකන් මාධ්‍යය

0
109
NEWSNOW | – බබාට කොනිත්තා පසුව ලොට ඇසෙන්නට නැළවිලි ගීත ගැයීම එක්සත් ජනපදයේ සුප්‍රකට කුහක ප්‍රතිපත්තියකි. ඒ අනුවම යමින් හමාස් – ඊශ්‍රායල ගැටුමට විරාමයක් ගෙන එන්නට යැයි එක් අන්තයකින් අවධාරණය කරමින් ඇමරිකන් රජයේ උසස් නිලධාරීන් මැදපෙරදිග පුරා සැරිසරමින් සිටින අතරම හමාස් සටන්කාමීන්ට යැයි පවසමින් මුළු ගාසාවේම සිවිල් වැසියන් සමුලඝානතය කිරීමට ඊශ්‍රායලයට නොකඩවා අවි ආයුධ පැටවීමද එක්සත් ජනපදය තවත් අන්තයකින් කරමින් සිටියි. එක්සත් ජනපදයේ පිහිට නොමැතිව ඊශ්‍රායලයට කිසිවක් කරන්නට නොහැකි බව බව මුළු ලොවම දනි.
මෙම කටයුත්තට එක්සත් ජනපද රජයට මහජන සහය – එසේත් නැතහොත් දැඩි මහජන විරෝධයක් නොතිබීම- අතිශය වැදගත්ය. එක්සත් ජනපදයේ සියළුම මාධ්‍ය ආයතනය වක්‍ර හෝ සෘජු යුදෙව් බලය යටතේ තිබෙන නිසා ඊශ්‍රායලය ගාසාවෙහි සිදු කරන සැහැසිකම් සාධාරණීකරණය කරමින් හා දුෂ්ටයන් ඊශ්‍රායලය නොව පලස්තීනුවන් යැයි දැක්වීමට කවදත් අමරිකන් මාධ්‍ය ආයතන සියලු මාධ්‍ය සදාචාර පැත්තකට තබා ක්‍රියා කරනු දැකිය හැකිය.

The New Humanitarian | Decolonise How? | How do you cover a genocide?

පලස්තීනුවන් දිවි පුදමින් ලොව අතිශයම දරුණු හා ම්ලේච්ඡ හමුදාවක් සමග සටන් කරමින් සිටින්නේ ඔවුන් වෙතින් උදුරා ගත් දේශය ආපසු ලබා ගැනීමටය. එසේ වුවද එය අමරිකන් මාධ්‍යය ලොවට පෙන්වන්නේ ඔහේ තමන්ගේ පාඩුවේ සිටින විට අහිංසක යුදෙව්වන්ට අයුක්තිසහගත’ ලෙසින් හමාස් සංවිධානය කරදර කරන බවකි. ඒ අනුව ඊශ්‍රායලය හමුදාව බුරුතු පිටින් පලස්තීනුවන් මරා දැමීම සමුළඝාතනයක් නොව ආත්මාරක්ෂක පියවරක් යැයිද ඇමරිකන් මාධ්‍යය පවසයි. හිට්ලර් කීවා සේ ඕනෑම බොරුවක් නොකඩවා කියමින් සිටි විට එය ඇත්තක් වන්නා සේ ඇමරිකන් මාධ්‍යයේ අඛණ්ඩ බොරුවලට ඇමරිකන් ජනතාව අතර යම් පිළිගැනීමක් ලැබී තිබේ.
ප්‍රබල යුදෙව්වන්ට හිමි නිව්යෝර්’ක් ටයිමිස්, වොෂිංටන් පෝස්ට්, වෝල් ස්ට්‍රීට් ජර්’නල් වැනි මාධ්‍ය ආයතන විසින් ඊශ්‍රායලයේ වාසය කරන යුදෙව්වන් අන්ත අහිංසක අසරණයන් හුවා දක්වමින් ඔවුන් මිලේච්ඡ ජාතියක් (එනම් පලස්තීනුවන්) මැද ඉතා අනතුරුදායක තත්වයක වාසය කරන බවත් ඒ අනුව ඊශ්‍රායලය හමුදාව ප්‍රහාර එල්ල කරන විට හමාස් සාමාජිකයන් පමණක් ඉලක්ක නොකර හා සිවිල් වැසියන් ඝාතනය වීම ගැන එතරම් කලබල විය යුතු නැති බවත් කිසිසේත් සටන් විරාමයකට නොයා යුතු බවත් වැඩේ ඉවරයක්ම කර දැමිය යුතුය’ ආදි වශයෙන් සෘජුව සහ වක්‍රව අදහස් දක්වමින් ලිපි පළ කරනු දැකිය හැකිය.
මේ අනුව පලස්තීනයෙහි ඊශ්‍රායලය සිදුකරන සාහසිත අපරාධවලට එක්සත් ජනපද රජය පමණක් නොව මුළු මහත් ඇමරිකන් ජනතාවම වගකිව යුතුය යැයි වියතුන් පෙන්වා දෙති. මේ අතරම ගාසාවෙහි ඊශ්‍රායලය සිදුකරන්නේ දරුණු අපරාධයක් යැයි පවසන්නන්ද වියතුන් අතර ඉතා සුළු සංඛ්‍යාවක් සිටිනු දැකිය හැකිය.

 

Genocide in Palestine By Pradeep cartoon | Politics Cartoon | TOONPOOL

නිදසුනකට ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය අදහස් දක්වමින් ඊශ්‍රායලය විසින් හමාස් සටන්කාමීන් පමණක් නොව ගාසාවෙහි වීදියක් වීදියක් පාසා ඉලක්ක කරමින් සහ පවුල් පිටින් පගලස්තීන වැසියන් සංහාරය කරමින් සිටින බවද අඛණ්ඩ ඊශ්‍රායල හමුදා ප්‍රහාර නිසා ගාසාවෙහි විදුලිය කෙසේ වෙතත් බොන්නට වතුර පොදක් හෝ කන්නට ආහාර මිටක් හෝ හිසරදයකට පැරසිටමෝල් පෙත්තක්වත් ලබා ගන්නට නොහැකි තත්වයක් උත්ගත වී ලෙඩ රෝග පැතිරෙමින් ප්‍රහාර අවසන් වන්නට කලින්ම ගාසා වැසියන් සාගතය සමහ ලෙඩ රෝග නිසා මිය යන තත්වයක් නිර්’මාණය වෙමින් පවතින බව පෙන්වා දුන්නේය.
ඔක්තෝබර් 7 ට පෙර සියටම ඊශ්‍රායලය පලස්තීනුවන්ට එරෙහිව සැහැසි ක්‍රියා සිදු කරමින් සිටි නිසා, දැන් ඊශ්‍රායලය සිදු කරන ප්‍රහාර ආත්මාරක්ෂාවක් ලෙස නිර්වචනය කළ නොහැක. ඔක්තෝම්බර් 7 හමාස් ප්‍රහාරයක් දියත් කළේ ඊශ්‍රායලය හිරිහැර තවදුරටත් ඉවසා ගත නොහැකි තත්වයකය. ඊශ්‍රායලය ”‍තමන්ව ආරක්‍ෂා කර ගැනීම”‍ කෙසේ වෙතත් ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය දැනටමත් හානි ඇති කරමින් රෝහල්වලට සහ සෞඛ්‍ය සේවා ආයතනලට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි.
නමුත් ඊශ්‍රායලය පවසන්නේ මෙතරම් සිවිල් ඝාතණයක් සිදු වන්නට හේතුව සිවිල් වැසියන්ව හමාස් සංවිධානය තම පළිහක් ලෙසින් යොදා ගනිමින් තමන්ට ප්‍රහාර කිරීම බවයි සති දෙකකට පෙර, ආහාර සඳහා ඇති අයිතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මයිකල් ෆක්රි ඉශ්‍රායේලය විසින් ගාසා තීරයේ පලස්තීනුවන් බලහත්කාරයෙන් සාගතයක් ඇති කර තිබීම හෙළා දුටු අතර මෙය ජන සංහාර උපායක් යැයි වර්’ණනා කළේය.
ඊශ්‍රායලයේ සැහැසිකම්වලට සහය දක්වන ලිපි පළ කළ යුදෙව්වන්ට හිමි ඇමරිකන් මාධ්‍ය ආයතනවලට පලස්තීනයට සාමය, යුක්තිය සහ විමුක්තිය ලබා දෙන්නේ කෙසේද යන කරුන් පිළිබඳවද අදහස් දක්වන්නට තිබුනු නමුත් ඔවුන් එම වගකීම ඉටු කළේ නැත. ඒ වෙනුවට ඔවුන් ඇමරිකාව සහ ඊශ්‍රායලයට ජනසංහාරය උසිගැන්වීමට උදව් කළෝය. මේ බිහිසුණු කාලපරිච්ඡේදයේ ඉතිහාසය ලියන විට ජන සංහාරයක් ඇවිලවීමට සහ එය ඉදිරියට ගෙන යාමට උපකාර කළ ඇමරිකන් මාධ්‍ය ආයතන පිළිබඳ විශේෂ පරිච්ඡේදයක් එහි තිබිය යුතුය.