ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම නිරීක්‍ෂණය සූදානම් – කැෆේ කියයි

0
54

NEWSNOW| – හෙට(26) දිනයේදී පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම නිරීක්‍ෂණය කිරීමට කැෆේ සංවිධානය විසින් මැතිවරණ නිරීක්‍ෂකයින් 10 දෙනෙක් යොදවා ඇති බව විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් මහතා පවසයි.

විශේෂයෙන් දකුණු පළාත් සම්බන්ධීකාරක ප්‍රේමබන්දු ජයතිලක මහතා සහ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක දේවිකා නිල්මිණි මහත්මිය ඇතුළු 10 දෙනෙක් මෙම නිරීක්‍ෂණ කටයුතුවල නිරත වෙති.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාලව පුර්ව මැතිවරණ සමයේදීත් ඉතා සාමකාමී වාතාවරණයක් පැවති අතර එම සාමකාමී තත්ත්වය හෙට දිනයේ ඡන්ද විමසීම පැවැත්වෙන අවස්තාවේදීත් ආරක්‍ෂා කරන ලෙස විධායක අධ්‍යක්‍ෂවරයා අපේක්ෂකයින්ගෙන්, දේශපාලන පක්‍ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉල්ලීමක් කරයි.
2024 වර්ෂය මැතිවරණ වසරක් ලෙස ප්‍රකාශ කළා සේම ජනාධිපතිවරණය සාර්ථකව පවත්වා, පාර්ලිමේන්තු මැතිවරණයත්, ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමත් පැවැත්වීමට නියමිතයි. මේ ආකාරයට නියමිත කාලයට මැතිවරණය පැවැත්වීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන බවට හොඳ සාක්ෂියකි. එම නිසා පළාත් පාලන ඡන්ද විමසීම සහ පළාත් සභා මැතිවරණයත් නියමිත පරිදි පැවැත්විය යුතු බව විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් මහතා පැවසීය.