කායවර්’ධන ක්‍රීඩක ජගත් ගුණසේකර ශ්‍රී ලංකා අභිමානය ජාත්‍යන්තරයේ බබලවයි

0
53
NEWSNOW | – කුවේට් රාජ්‍යයේ කායවර්’ධන ක්‍රීඩා උපදේශකවරයෙකු වශයෙන් සේවය කරමින් , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කායවර්’ධන ෆෙඩරේෂනයේ
( International Federation of Body Building ) ඔලිම්පියා ඇමේචර්  2024 යුරෝපා තරගාවලි 03 කට සහභාගී වී , මෙම ඔක්තෝබර් මාසය තුළ , රන් පදක්කමක් , රිදී පදක්කමක් සහ එම තරගාවලි වල මුල් කාණ්ඩයේ ස්ථාන 02 ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික කායවර්’ධන ක්‍රීඩක ජගත් ගුණසේකර සමත් වී තිබේ .
 පසුගිය 10/12 දින පෝලන්තයේ වෝර්’සෝ නුවර පැවති වෘත්තීය කායවර්’ධන ක්‍රීඩකයින්ගේ මාස්ටර් තරගාවලියේ දී රන් පදක්කමක් සහ එම තරගාවලියේ විවෘත “සී” කාණ්ඩය යටතේ තරග කර රිදී පදක්කමක් ද දිනා ගැනීමට ජගත් ගුණසේකර සමත් වී තිබේ .
ඊට අමතරව මෙම මස 10/06 දින ඉතාලියේ මිලාන් නුවර පැවති ලෝකයේ රටවල් 69 ක ක්‍රීඩකයින් සහභාගී වූ  ඔලිම්පියා ඇමේචර් තරගාවලියේ දී මාස්ටර් කාණ්ඩය යටතේ තරග කළ ජගත් ගුණසේකර , එම තරගාවලියේ සිව් වන ස්ථානය දිනා ගැනීමට ද සමත් වී තිබේ .
තවද 10/20 දින හංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවති , ලෝකයේ රටවල් 44 ක ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවති වෘත්තීය කායවර්ධන ක්‍රීඩකයින්ගේ මාස්ටර් කාණ්ඩයේ තරගාවලියේ දී ,එහි 05 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ .
ජගත් ගුණසේකර ගම්පහ , කිරිදිවැළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .