NEWSNOW | –
රුපියල් බිලියන 3.5 ක වැට් බදු ගෙවීම පැහැර හැරීමට දඬුවමක් ලෙසින් එක්තරා පුද්ගලයෙකුට සය මසක සිර දඬුවමක් නියම කරමින් අධිකරණය ලබා දුන් තීන්දුවක් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් රට පුරා පැන නැගී ඇත. එනම් මාස හයකට සිරගෙට යාමෙන් බිලියන සිය ගණනක් බදු නොගෙවීමට සමාව ලැබෙනවාද යන ප්‍රශ්නය බදු ගෙවන්නන් මෙන්ම නීතිවෘතියේ යෙදෙන ඇතැමුන්ටද මතුව ඇත.
මෙහි වඩාත් පුදුමය දනවන්නේ දඬුවම ලද පුද්ගලයා නොව, වරදේ ස්වභාවයයි. වැට් බදු නොගෙවීම සඳහා මෙවන් දඬුවමක් ලබා දෙන මෙතරම් කඩිමුඩියේ ලබා දෙන සිද්ධියක් මෑතකදී වාර්’තා නොවු තත්වය මේ පිළිබඳ ආන්දෝලනය තවත් වැඩි කර ඇත. මෙම ලිපියේ තවදුරටත් ඉදිරියට යාමට පෙර, මෙම අසාමාන්‍ය දඬුවම වටා ගොඩනැගී ඇති වැරදි වැටහීම් ඉවත් කිරීම අත්‍යවශ්‍ය යැයි මට සිතේ. මෙම ආන්දෝලනය පැන නගින්නේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් මුල් කර ගෙනය.
පළමුවැන්න දඬුවම් නියම වූ පුද්ගලයා ප්‍රකට තැනැත්තෙකු වන අතර, ඔහුගේ නම දේශපාලන අරමුණු සඳහා පාලන පක්‍ෂය මෙන්ම විරුද්ධ පක්ෂ විසින්ද සුවසේ භාවිතා කර ඇත. දෙවැන්න නම් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන බවටත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ස්වාධීනත්වය සහතික කරන බවටත් පොරොන්දු වෙමින් ජාතික ජනබලවේග රජය බලයට පත්වී සති කිහිපයකින්ම මෙම දඬුවම නියම කර තිබීමයි.
කෙසේ වෙතත්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ උක්ත තීන්දුව සහ මෙම දේශපාලන ගතිකත්වයන්ට කිසිදු සම්බන්ධයක් නැති බව සඳහන් කළ යුතුය. පසුගිය සතියේ පවා එම අධිකරණයම පාදුක්ක ප්‍රදේශයේ යුවළකට රුපියල් මිලියන 32 ක වැට් බදු නොගෙවීමේ වරදට මාස හයක සිර දඬුවමක් නියම කළේය.
මෙහි සැලකිය යුතු කාරණාව නම් මෙවන් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධ නඩුවලට තීන්දු ලබා දෙන්නට දිගූ කාලයක් ගත වීම සාමාන්‍ය සිරිත බවයි. එනමුත් ආන්දෝලනයට තුඩු දී ඇති ඉහත නඩුව ගොනු කර ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වන්නට ටික කලකට පෙර බව අධිරකණ ආරංචි මාර්’ග වලින් දැන ගන්නට ලැබී ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු අය කර ගන්නට අනුගමනය කරන ක්‍රියාවලිය කුමක්ද?
2002 වසර අංක 14 වැටී බදු පනතට අනුව බදු ගෙවීම පැහැර හැරී පුද්ගලයෙකුගෙන් එය අය කර ගන්නට පහත පියවර ගත හැකිය.
- අදාල පුද්ගලයා සතූ චංචල දේපළ අත්පත් කර එය විකිණීම
- අධිකරණ පද්ධතිය හරහා නීතිමය පියවර ගැනීම අදාල පුද්ගලයාගේ බැංකු ගිණුම් වලට වාරණ පැනවීම
- ණය ගැතියන්ට නිවේදන නිකුත් කිරීම
- ගෙවීම පැහැර හැරී පුද්ගලයාට රටින් පිටවීම තහනම් කිරීම
වැරදිකරුට එරෙහිව ඉහත පියවර එකක් හෝ එකකට වැඩි ගණනක් එකවිට ගැනීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට බලය ඇත.
කොමසාරිස් ජනරාල්වරයාට ‘කෙවිට’ අතට ගත හැක්කේ කෙවිටද?
වැටේ පනත අවධාරණය කරන පරිදි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට බදු අය කර ගැනීමේ පියවර ගත හැක්කේ පහත සඳහන් අවශ්‍යතා සැපිරීමෙන් පසුවය.
1. චෝදනා පත්‍රයක් නිකුත් කිරීම: පනතේ පරිච්ඡේදය V යටතේ බදු තක්සේරු දැන්වීමක් කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ යුතුය
2. අභියාචනා තීරණය: බදු ගෙවිය යුතූ තැනැත්තා වලංගු අභියාචනාවක් ඉදිරිපත් කරයි නම් එය පනතේ පරිච්ඡේදය V ප්‍රතිපාදන අනුව නිරාකරණය කළ යුතුය
3. ඇස්තමේන්තුවේ තීරණාත්මක බව පනතේ පරිච්ඡේදය VII ප්‍රතිපාදන අනුව තක්සේරුව අවසාන හා තීරණාත්මක වනු ඇත
4. පැහැර හැරීමේ නිවේදනය සහ අය කර ගැනීමේ කටයුත්ත: පැහැර හැර ඇති බදු ප්‍රමාණය සහ යෝජිත අය කර ගැනීමේ පියවර ගැන කොමසාරිස් ජනරාල්වරයා විසින් බදු පැහැර හැරී තැනැත්තාට දැන්විය යුතුය
5. බදු පැහැර හැරී තැනැත්තාගේ විරෝධය. බදු පැහැර හැරී තැනැත්තා තක්සේරුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කර නොමැති නම්, ඔහුට තම විරෝධතාවය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ නිවේදනය වෙත ඉදිරිපත් කළ හැකිය
ඉහත නිර්’දේශ කිසිවක් සම්පුර්’ණ කරන්නට පෙර පැහැර හැරී බදු අය කර ගන්නට ගනු ලබන පියවර සියල්ල අවලංගු සහ නීතියට පටහැනි වනු ඇත. සාමාන්‍යයෙන් බදු සම්බන්ධ නීති යුක්ති සහගතව පසිඳලමින් මෙම නෛතික අවශ්‍යතා සපුරාලන්නට අවම වශයෙන් වසර තුනක් හෝ ගතවනු ඇත.
මහජන විවේචනය සහ වැරදි අවබෝධ
පොදුවේ ගත් කල හිග බදු අය කිරීම විෂයයෙහි ඉබි ගමනින් යන බවට දේශීය ආදායම් දෙපාර්’තමේන්තුවට චෝදනා නැඟීම සිරිතකි. මෙම විවේචනය බොහෝ සෙයින් මතු කරනු ලබන්නේ බදු අය කර ගැනීම හා සම්බන්ධ නෛතික අවශ්‍යතාවයන් මෙන්ම බදු ගෙවන්නන්ට ඇති අයිතීන් ගැන ප්‍රමාණවත් දැනුමක් නැති කම නිසාය.
වැටී බදු නොගෙවීම නිසා සිරගත කිරීම
ආන්දෝලනයට තුඩු දී ඇති නඩු තීන්දුව සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රශ්න දෙකක් අසනු ලැබේ. රුපියල් බිලියන 3.5 ක බදු පැහැර හැරීමකට මාස හයක සැහැල්ලු සිර දඬුවමක් ප්‍රමාණවත්ද යන්න එක් පැණයකි. අනෙක නම් රජයට රුපියල් කෝටි 350 කට කොකා පෙන්වු පුද්ගලයෙක් සති 24 ක සැහැල්ලු සිරදඬුවම විඳි පමණින් යතා කාලයෙහි සුවසේ නැවත සිය දරු පවුල් වෙත
යා හැකිද යන්නයි. අප වටහා ගත යුතූ වදගත් කාරනාවක් නම් වැටී බදු පැහැර හැරීම යනු සිරගත කළ හැකි සාපරාධී වරදක් ලෙස වැටේ බදු පනත වර්’ගී කරණය කර නැති බවයි.
පනතේ 43(1) වගන්තිය යටතේ වැටේ බදු නොගෙවීම යනු නොගෙවූ බද්දට සමාන දඩයකට යටත් කළ හැකි වරදක් පමණි. 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ පනතේ 291(1) වගන්තියට අනුව අධිකරණයකට මෙවන් වැරදිකරුවෙකුට සිරදඬුවම් නියම කළ හැක්කේ ඔහු හෝ ඇය දඩය නොගෙවන්නේ නම් පමණි. එමෙන්ම දඩ මුදලේ ප්‍රමාණය මත පදනම්ව සිරගත කිරීමේ කාල සීමාවද පනත විසින් නිශ්චය කර ඇත. මේ අනුව, අධිකරණයේ අභිමතය සීමා වනුයේ නීතියෙන් අවසර දෙන දෙයටය.
වැටේ පනතේ 43(1) වගන්තිය මෙට විෂයයෙහි ඉතා පැහැදිලි වන අතර එහි මෙසේ සඳහන් වෙයි:
ඒ අනුව ‘මහේස්ත්‍රාත්වරයා විසින් බදු අයකර ගැනීම සඳහා වරදිකරුට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්’ග නොගත යුත්තේ මන්දැයි හේතුව පෙන්වීමට ඔහුව අධිකරණයට කැඳවිය යුතු අතර, ඔහු / ඇය ප්‍රමාණවත් හේතු දැක්වීමට අපොහොසත් වන්නේ නම්, පැහැර හරින ලද බද්ද පනවන ලද දඩයක් ලෙස සලකනු ලැබ දඩයකට පමණක් දඩුවම් ලැබිය හැකි හෝ සිරගත කළ නොහැකි වරදක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාගේ දඩුවමක් මගින් සහ 291 වැනි වගන්තියේ (1) උපවගන්තියේ එහි (a).
(d) සහ (1) ඡේද හැර) එවැනි වරදක් සඳහා පනවන ලද දඩයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ පනත අදාළ වන අතර, එවිට එවැනි දඩුවමක් නියම කරන මොහොතෙහි, මහේස්ත්‍රාත්වරයාට එම උපවගන්තියේ විධිවිධාන අනුව වන ඕනෑම නියෝගයක් සිදු කළ හැකිය.
මේ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ දක්වා ඇති පරිදි අධිකරණයේ අභිමත පරිදි නියම කළ හැකි සිර දඩුවම් කාලය දඩ මුදලේ ප්‍රමාණය අනුව සීමා වනු ඇත.
1979 වසර අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්තිය 291 (1) (f) හි මෙසේ සඳහන් වෙයි.
(f) වරදට සිරදඬුවම් නියම කළ නොහැකි නම්, දඩය ගෙවීම පැහැර හරින විට වරදකරු සිරගත කරන ලෙස අධිකරණය නියම කරන කාලය පහත පර්මාණ නොඉක්මවිය යුතුය.
(i) දඩ මුදල රුපියල් දහය ඉක්මවන එහෙත් රුපියල් විසිපහ නොඉක්මවන්නේ නම් දින හතක නොවැඩි කාලයක්
(ii) දඩ මුදල රුපියල් විසිපහ ඉක්මවන එහෙත් රුපියල් පනහ නොඉක්මවන්නේ නම් දින දාහතරකට නොවැඩි කාලයක්
(iii) දඩ මුදල රුපියල් පනහ ඉක්මවන එහෙත් රුපියල් සියය නොඉක්මවන්නේ නම් මාස තුනකට නොවැඩි කාලයක්
(iv) දඩ මුදල රුපියල් සියය ඉක්මවන්නේ නම් මාස හයකට නොවැඩි කාලයක්
මේ අනුව උක්ත නඩුවේ විනිසුරුවරයා නීතිය මගින් නිර්’දේශිත පරිදි රුපියල් මිලියන 32 ක් සහ බිලියන 3.5 ක් වැටී බදු ගෙවීම පැහැර හැරී වැරදිකරුවන්ට උපරිම දඩුවම වන මාස හයක සිරදඬුවම නියම කළේය.
දැන් අප ඉදිරියේ ඇත්තේ අනෙක් දැවෙන ප්‍රශ්නයයි.
සමසක සිර දඩුවමක් විඳි පමණින් රුපියල් කෝටි 350 ක් රජයට පොලු තැබූ වරද සමා කරනු ලැබ එකී මුදල් කන්දරාව නොගෙවා සිටින්නට වරදරකරුට ඉඩ ලැබේද?
පැහැර හරින ලද බදු අයකර ගැනීමේ අධිකරණ ක්‍රියාදාමයන් පැහැර හරින්නා සිර දඬුවම සම්පූර්ණ කිරීමෙන් පසු අවසන් වන නමුත් බදු ගෙවීමේ වග බැඳියාව එම පුද්ගලයා මත එලෙසින්ම පවතිනු ඇත.
වෙනත් ලෙසකින් කියනවා නම් වැරදිකරුගේ බදු ගෙවීමේ වගකීම ඔහුව හෝ ඇයව සිරගත කිරීමෙන් අවසන් නොවේ. වැටී පනතේ VII පරිච්ඡේදයෙහි දක්වා ඇති විවිධ ක්‍රියාමාර්’ග හරහා හිඟ බදු අයකර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා නිරන්තරයෙන්ම නීත්‍යානුකූලව බැඳී සිටී. චංචල දේපළ අත්පත් කර ගැනීම සහ විකිණීම, බැංකු ගිණුම් අක්‍රීය කිරීම,ණය ගැතියන්ට දැනුම් දීම සහ ණය නොගෙවන්නා රට හැර යාම වැලැක්වීම යන ඉහත මා විස්තර කළ ක්‍රියාමාර්ග එකක් හෝ එකකට වැඩි ගණනක් ගන්නට කොමසාරිස් ජනරාල්වරයාට කටයුතු කළ යුත්තේ මෙවිටය.
අධිකරණ ක්‍රියාවලියෙහි අත්හැරුනු අභියාචනාවල බලපෑම සහ බදු අය කර ගැනීම
මගේ විශ්වාසය අනුව අධිකරණ ක්‍රියාදාම සඳහා තුඩු දුන් බදුවල ස්වාභාවය ගැන මෙහි සඳහන් නොකළොත් මෙම ලිපිය අසම්පුර්’ණ වනවා පමණක් නොව එය අදාල සෑමට යුක්තිය ඉටු කිරීමේ විෂයයෙහිද අපොහොසත් වුවක් වනවා ඇත.
විශ්වාස කටයුතු මුලාශ්‍ර වලින් මට ලැබී ආරංචි අනුව උක්‌ත නඩුව හා බැඳී හිග වැටේ බදු මුදල් ප්‍රමාණය වනාහී අදාල සමාගම විසින් වැටී බදු වාර්’තා වල ප්‍රකාශ කළ ඒවා නොව බදු නිලධාරීන් විසින් නිකුත් කරන ලද තක්සේරුවක් පමණි. පසුගිය වසරවල මහත් ආන්දොලනයක් ඇති කළ මහ බැංකු බැඳුම්කර වංචාව නිසා ඇති වූ අභ්‍යන්තර කැළඹීම හේතුවෙන් එක් සමාගමට නියමිත වේලාවට අභියාචනා ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවද දැන ගන්නට ඇත. එහි ප්‍රතිවිපාකයක් වශයෙන්, ඇස්තමේන්තුගත තක්සේරුව අවසන් සහ තීරණාත්මක බවට පත් වූ අතර, ඒ අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා අධිකරණ ක්‍රියාමාර්’ග ඇතුළුව බදු මුදල අයකර ගැනීමේ ක්‍රියාමාර්’ග ආරම්භ කිරීමේ මූලික පියවර ගෙන තිබේ.
අදාල සමාගම විසින් නිසි කලට අභියාචනාවක් ගොනු කර තිබුනේ නම් මෙම ලිපිය ලිවීමේ අවශතාවය පැන නොගින්නට තිබුණා පමණක් නොව එම සමාගමේ ඉහළතම නිලධාරියා සිර ගතවීමේ තත්වයද මගහරින්නට තිබුණි.