ඌරුමස් ලෝලීන්හට පණිවිඩයක්

0
109
NEWSNOW| – මේ දින වල වෛරසය වැලඳීමෙන් මියයන ඌරන් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ නිසා මේ දිනවල ඌරු මස් අනුභව කිරීමේදී සැළකිලිමත් වන ලෙස රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසා සිටියේ, ඌරු මස් පරිභෝජනය කිරීම සඳහා ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බවය.
මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් මස් පිණිස ඌරන් ඇතිකරනු ලබන ගොවිපොළවල සහ ඌරු මස් අලෙවිකරන ස්ථාන විශේෂ පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයද පැවසීය.