Home විශේෂාංග මානවයාගේ සෞඛ්‍යයට හා සත්ව සුබසාධනයට මුල්තැන දෙන හලාල් ආහාර වල වටිනාකම
NEWSNOW| –
හැඳින්වීම
අරාබි භාෂාවෙන්, හලාල් යන්නෙහි තේරුම ”අනුමත” යන්නයි. තවද මෙය ඉස්ලාමීය නීතියේ මූලධර්ම අනුව වන අනිවාර්ය ලෙසින් පිළිපැදිය යුතු ආහාර පාන පිළිබඳ මාර්’ගෝපදේශද වෙයි. හලාල් ආහාර පිළියෙළ කරනු ලබන්නේ ඉස්ලාමීය ආහාර මගපෙන්වීම් මත පදනම්ව, පිරිසිදුකම, සනීපාරක්ෂාව, සත්ව සුභසාධනය ගැන මෙන්ම හානිකර රසායනික ද්‍රව්‍ය යොදා නොගැනීම නිශ්චය කරමිනි. හලාල් ආහාර පරිභෝජනය ආගමික හේතූන් මත පමණක් නොව එහි ගැබ්ව ඇති සෞඛ්‍යමය ප්‍රතිලාභ සඳහාද මුස්ලිම් පමණක් නොව මුස්ලිම් නොවන පාරිභෝගිකයන් අතරද ජනප්‍රිය වෙමින් තිබේ.

අදාල යොමු කිරීම් මගින් තහවුරු කරන කරුණු සහිත මෙම ලිපිය හලාල් ආහාර ද්‍රව්‍ය පරිභෝජනය හා සම්බන්ධ විවිධ සෞඛ්‍ය වාසි ප්‍රයෝජන ගවේෂණය කරයි.
සම්පාදන ක්‍රමවේදය මෙම ලිපිය සම්පාදනය කිරීම සඳහා පුළුල් අන්තර්ජාල සෙවීමක් සිදු කරන ලද අතර එම ලිපිවල වැදගත් කරුණු මෙයට ඇතුලත් කර ඇත.
ප්‍රතිඵලය
හලාල් ආහාර පරිභෝජනය මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන ආගමික අවශ්‍යතාවයක් වන අතර ඒ අනුව එය දෙවියන්ගේ අණට කීකරු වීමේ ක්‍රියාවක් ලෙසද සැලකේ. එසේම ආගමික විශ්වාසයන් තුළ ගැඹුරින් මුල් බැස ඇති විවිධ සංස්කෘතික, සමාජීය සහ ආර්ථික සාධකද මෙයට බලපායි.
ගෝලීය හලාල් වෙළඳපළ
හලාල් සහතික ලබා වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන ආහාර පාන නිෂ්පාදන විශාල සංඛ්‍යාවක් තිබේ. ආසියා – ශාන්තිකර කලාපය 2022 දී හලාල් ආහාර සඳහා වන විශාලතම වෙළඳපළ විය. ගෝලීය හලාල් ආහාර වෙළඳපොළ වර්’ධනය වෙමින් තිබෙන අතර 2022 දී ඩොලර් බිලියන 1,300.75 වු එය 2023 වසරෙහි ඩොලර් බිලියන 1,501.5 දක්වා ඉහළ ගොස් 15.4% ක වාර්ෂික වර්’ධන වේගයක් සටහන් කළේය. හලාල් ආහාර වෙළඳපොල 2027 වන විට 14.5% ප්‍රතිශතයක වර්’ධනයක් හිමි කරගනිමින් ඩොලර් බිලියන 2600 ක් පමණ ඉහළ යනු ඇත යැයි අපේක්ෂා කෙරේ. හලාල් ආහාර ද්‍රව්‍යවල තාක්ෂණික වර්’ධනයන් හලාල් ආහාර කර්මාන්තයේ ප්‍රධාන ප්‍රවණතා වේ.
සනීපාරක්ෂක පිළිවෙත්
හලාල් සහතිකකරණ ක්‍රියාපටිපාටිය සමස්ත නිෂ්පාදන සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය පුරාම පිරිසිදුකම සහ සනීපාරක්ෂාව දැඩි ලෙසින් අවධාරණය කරයි. මෙයට අමුද්‍රව්‍ය ලබා ගැනීම, කර්’මාන්තශාලාවල මෙන්ම උපකරණවලද පිරිසිදුකම සහ ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සහ බෙදා හැරීම ආදියද ඇතුලත් වේ. ආහාර සනීපාරක්ෂාව යනු ආහාර නිෂ්පාදනයේ සහ සකස් කිරීමේ අත්‍යවශ්‍ය මූලධර්මවලින් එකකි. හානිකර රසායනික ද්‍රව්‍ය හා බැක්ටීරියා, වෛරස් සහ පරපෝෂිතයන් වැනි ක්ෂුද්‍ර ජීව මූලද්‍රව්‍ය මගින් දූෂණය වීමෙන් ඇති වන ආහාර මගින් බෝවන රෝග ඇතිවීමේ අවදානම අවම කිරීමට ආහාර සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වීම අනිවාර්ය වේ. සනීපාරක්ෂක පිළිවෙත් දැඩි ලෙස පිළිපැදීම හලාල් ආහාර නිෂ්පාදනයේදී ක්ෂුද්‍රජීවී දූෂණය අවම කිරීමට දායක වන අතර එය පාරිභෝගිකයින්ට වඩාත් ආරක්ෂිත තේරීමක් බවට පත් කරන බව පුළුල් ලෙස සනාථ වී ඇත.
වර්’ධනය
සත්ව කරුණාව
සතෙකු ආහාරය සඳහා මස් කිරීම ප්‍රසන්න දෙයක් නොවේ. එසේ වුවද ඒ සඳහා ඉස්ලාමය මාර්ගෝපදේශ ගණනාවක් නිර්දේශ කරමින් එම කටයුත්ත හැකි පමණ කාරුණික කරන්නට උපදෙස් දෙයි. ඒ අනුව සත්ව සුභසාධනය හලාල් ආහාර නිෂ්පාදනයේ වැදගත් මූලධර්මයක් වන අතර සතුන්ට මානුෂීය ලෙස සැලකීම එහි මූලික පදනම වේ. සාබිත් යැයි කියනු ලබන මෙම ක්‍රමයට අනුව කුළු ගෙඩිවලින් සතුන්ගේ හිසට එල්ල කිරීම හෝ එලව එලවා මැරෙන තෙක් උල් ආයුධවලින් ඇනීම වැනි කුරිරු ක්‍රම එය තහනම් කරයි. ඒවා වෙනුවට ආහාරයට අනුමත සිව්පාවෙකු හෝ පක්‍ෂියෙකු මස් කරන විට හොඳින් මුවහත් කර ගත් පිහියකින් එම ජීවියාගේ උගුර හෙවත් කණ්ඨ ශිරාව (Jugular vein) එකවර කපා ලේ පිටවීමට ඉඩ සැලසිය යුතුය. මෙසේ කරන විට එම ජීවියාට දැනෙන්නේ කැපුමක වේදනාවක් පමණක් වන අතර පසුව රුධිරය සම්පුර්ණයෙන්ම සිරුරෙන් පිටවන විට දැනෙන කලාන්තයක් සමග එම ජීවියාගේ ප්‍රාණය තුරන් වනු ඇත. එමෙන්ම සත්ව ඝාතනයට පෙර සතුන්ට නිසි පරිදි ආහාර හා ජලය ලබා දෙමින් එම සතුන් සිටින තැනද පිරිසිදුව තබා ගත යුතුය යැයි ඉස්ලාමය අවධාරණය කරයි. මෙසේ මානසික හිරිරහැරවලින් තොරව එම සතුන් තබා ගැනීම නිසා ආතති හෝමෝන එරීම අඩු වී එම සතුන්ගේ මංශ වඩා හොඳ පෝෂණ අගයකින් සමන්විත වනු ඇති බව පරීක්‍ෂණවලින් ඔප්පු වී ඇත.
මේ අනුව ඉස්ලාමය අවධාරණය කරන සත්ව සුභසාධනයට ප්‍රමුඛත්වය දීම මගින් වඩාත් රසවත් හා පෝෂ්‍යදායී මාංශ අපට ලබා ගත හැකිය.
හානිකර ද්‍රව්‍ය නොමැති බව තහවුරු කිරීම
මිනිස් සිරුරට හානිකර දේ අනුභව කිරීම ඉස්ලාමය පොදුවේ තහනම් කරයි. ඌරු මාංශ සහ මත්පැන් තහනම සඳහා වන පදනම බොහෝ සෙයින් මෙය විය හැකි බවට නුතන පර්යේෂණ සාධක සපයයි. ඌරු මාංශවල ඇති කෙස්ගස් වැනි පණුවන් විශේෂයක් නිසා ‘ට්‍රිචානෝසිසය’ යන රෝගය ඇති වන බව පෙනී ගොස් ඇත. මත්පැන් පානය ගත් කල කිසිදු ආගම් බේදයකින් තොරව එයින් වළකින මෙන් සියලුම ආගම් අදහන වෛද්‍යවරුන් එකහෙළා පවසති. විශේෂයෙන් මත්පැන් පානය නිසා අක්මාවට ඇතිව වන හානිය ගැන දොස්තරවරුන් නොකඩවා අනතුරු අගවති.
පෝෂ්‍යමය අගයන්
හලාල් ආහාර -විශේෂයෙන් අවසර ලත් සහ ස්වභාවික ප්‍රභවයන්ගෙන් ලබාගන්නා හලාල් ආහාරවල – ඉහළ පෝෂණ අගයක් ඇත. නැවුම් පලතුරු සහ එළවළු, ධාන්‍ය වර්ග, සිහින් මාශ වර්ග සහ කිරි නිෂ්පාදන සමතුලිත ප්‍රමාණයකින් අනුභව කරන මෙන් ඉස්ලාමය උපදෙස් දෙයි. මෙය අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ, විටමින් සහ ඛනිජ ලවණ සිරුරට ලැබෙනු සහතික කරයි. යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යාම සඳහා මෙය විශාල රුකුලකි. තවද හලාල් ප්‍රමිතීන්ට අනුකූලව ඇති කරන සතුන්ගෙන් ලබා ගන්නා මාංශ හලාල් නොවන පරීශ්‍රවල ඇති කරන සතුන්ගෙන් ලබා ගන්නා මාංශවලට වඩා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලවලින් අනුන බව අධ්‍යයනවලින් තහවුරු වී ඇත. එමෙන්ම හලාල් ආහාර පාරිභෝගිකයින් අතර නිදන්ගත රෝග ඇතිවීමේ අවදානමද අඩු බව පෙනී ගොස් ඇත.
මුලාශ්‍ර ගැන සැලකිලිමත් වීම සහ තිරසාරබව
හලාල් ආහාර නිෂ්පාදනය කාබනික කෘෂිකාර්මික ක්‍රම යොදා ගැනීම, පළිබෝධනාශක අඩුවෙන් භාවිත කිරීම සහ සාධාරණ වෙළඳ පිළිවෙත් සඳහා සහාය වීම වැනි සදාචාරාත්මක මූලාශ්‍ර සහ තිරසාර භාවිතයන් දිරිමත් කරයි. මෙම චර්යා වඩාත් තිරසාර හා පරිසර හිතකාමී ආහාර පරිසර පද්ධතියකට දායක වේ. අඩු කාබන් විමෝචනය සහ ස්වභාවික සම්පත් සංරක්ෂණය ඇතුළුව හලාල් ආහාර නිෂ්පාදනය යහපත් පාරිසරික බලපෑමක් ඇති කරයි. තවද ආහාර නිෂ්පාදනයෙහි හානිකර රසායනික ද්‍රව්‍ය යොදා ගැනීම අධෛර්’යමත් කරයි. එමෙන්ම පෙදෙසේ ප්‍රජාවන්ට සහාය වෙමින් ජෛව විවිධත්වය සංරක්ෂණයටද ඉවහල් වේ. මෙයට අමතරව පරිසරය සහ සෞඛ්‍යය අතර සමතුලිතතාවය පවත්වාගෙන යාමටද සහය වෙයි.
හලාල් පිළිබඳ විවේචන සහ පැහැදිලි කිරීම්
හලාල් ආහාර පානවල යහපත් ලක්‍ෂණ සහ ප්‍රතිලාභ තිබෙන විටම එය පිළිබඳ විවේචනද දැකිය හැකිය. එයින් ඇතැමක් සාධාරණ වන බවද සඳහන් කළ යුතුය. ගෝලීය වශයෙන් ගත් කල ප්‍රමිතිගත හෝ විමධ්‍යගත හලාල් සහතික කිරීමේ ක්‍රියාවලියක් නොමැතිකම හේතුවෙන් එම ක්‍රියාවලියෙහි විවිධ විෂමතා පැන නැගී ඇත. මෙනිසා පාරිභෝගිකයින්ට හලාල් නිෂ්පාදනවල සත්‍යතාව කෙරෙහි විශ්වාසයක් තැබීම අසීරු වී ඇත. මෙම තත්වය සැලකිල්ලට ගන්නා හලාල් ආහාර පාන නිෂ්පාදනය කරන රටවල හලාල් සහතිකකරණ ආයතන සහ සංවිධාන විමධ්‍යගත ජාත්‍යන්තර හලාල් ප්‍රමිතීන් ඇති කිරීමට පියවර ගනිමින් සිටිති.
එමෙන්ම, ප්‍රාදේශීය සහ කලාපීය හලාල් සහතික කිරීමේ ආයතන තමන් අතර අනුකූලතා පවත්වමින් සිටින අතර එමගින් පාරිභෝගිකයින්ට වඩාත් දේශීය මට්ටමකින් පිළිගත හැකි හලාල් සහතික ලබා දීමට කටයුතු කරමින් සිටිති. තවද මුස්ලිම් නොවන්නන් පමණක් නොව ඇතැම් මුස්ලිම්වරුන්ට පවා හලාල් පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් නැති තත්වයක් පවතින හෙයින් ඒ සඳහා වන දැනුවත් කිරීමේ වැඩසටහන්ද පුළු්ල් ලෙස පැවැත්වීම කාලීන අවශ්‍යතාවයකි. මෙය හලාල් පිලිබඳ වැරදි වැටහීම් ඉවත් කිරීමටද උපකාරී වනු ඇත. හලාල්හි වැදගත්කම, එහි මූලධර්ම සහ සනීපාරක්ෂාව සහ පිරිසිදුකම පිළිබඳ ප්‍රමිතීන් සමඟ එය පෙළගැස්වීම පිළිබඳ තොරතුරු සැපයීම මගින්ද වඩාත් හොඳ අවබෝධයක් වර්ධනය කර ගත හැකිය.
එමෙන්ම ආර්ථික වාසි සඳහා හලාල් ලේබලය අවභාවිතා කරන අවස්ථාද නිරීක්‍ෂණය වී ඇති් අතර මේ සඳහා වන නෛතික පදනමින් යුත් නියාමන ක්‍රියාපටිපාට් සම්පාදනය කිරීමද අතිශය වැදගත් වෙයි.
හලාල් මාංශ සඳහා ඉල්ලුම ඉහළ යමින් තිබෙන තත්වයක වනාන්තර විනාශය සහ හරිතාගාර වායු විමෝචනය වැඩි වීම වැනි පාරිසරික ගැටළු මතුවන බව ඇතැමුන් චෝදනා නගති. හලාල් ආහාර නිෂ්පාදනයට ඇතුළත් කර ඇති තිරසාර හා පරිසර හිතකාමී භාවිතයන් ගැන සැලකිලිමත් වීම නිසා මෙම ගැටලු නිරාකරණය කළ හැකි අතර කාබන් පියසටහන් අඩු කිරීමටද එය පිහිට වනු ඇත. කෙසේ වෙතත් පාරිසරික ප්‍රශ්න හලාල් ආහාර නිෂ්පාදන ක්‍ෂේත්‍රයට පමණක් සුවිශේෂී නොවන බවද මෙවිට සඳහන් කළ යුතුය.
එමෙන්ම සියලුම ජනකොටස් පැමිණෙන පොදු වෙළඳසැල්වල හලාල් ආහාර පමණක් ප්‍රදර්ශනය කිරීම සහ එය පමණක් විකල්පයක් ලෙසින් දැක්වීම විවිධ ඇදහීම්වල ප්‍රජාවට අසීරුතා ඇති කළ හැකිය යැයිද ඇතැමුන් තර්ක කරති.
කෙසේ වෙතත් හලාල් ආහාර පානවල ප්‍රධාන අරමුණ වන්නේ එය පරිභෝනය කිරීම ආගමික නිර්දේශයක් වන ජනකොටසකට පහසුකම් සැලසීමය. විවිධ ආකාරයේ නිෂ්පාදන විකල්ප ගැනුම්කරුවන්ට ලබා දීම අදාල වෙළඳසැල්වල වගකීමකි.
නිගමනය
හලාල් ආහාර ද්‍රව්‍ය ආශ්‍රිත සෞඛ්‍ය ප්‍රතිලාභ ආගමික කාරණාවලින් ඔබ්බට විහිදෙන්නකි. හලාල් ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයින්ට ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න විකල්පයක් සපයන බවට පුළුල් ලෙස සනාත වී ඇත. තවද මෙම විකල්ප ආහාර දූෂණය වීමේ සම්භාවිතාව සහ ඒ ආශ්‍රිත සෞඛ්‍ය අවදානම්ද අවම කරයි. හලාල් ආහාර සංස්කෘතිය පිරිසිදුකම සහ සත්ව සුභසාධනය මෙන්ම හානිකර ද්‍රව්‍ය යොදා ගැනීම තහනම් කරයි. එමෙන්ම එය සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර ආහාර පද්ධතියකට දායක වෙමින් ඉහළ පෝෂණ අගයක් සහ සදාචාරාත්මක මූලාශ්‍රයක්ද සහතික කරයි. හලාල් ආහාර මාර්’ගෝපදේශ පිළිපැදීමෙන්, පාරිභෝගියන්ට ඔවුන්ගේ සමස්ත සෞඛ්‍යය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කරන විචාරවත් තේරීම් සිදු කළ හැකිය. පරිසරය සහ සෞඛ්‍යය අතර සමතුලිතතාවයට සහාය වෙමින් ජීවීන්, පරිසරය සහ ප්‍රජාව කෙරෙහි වගකීම පිළිබඳ හැඟීමක්ද එය වර්ධනය කරයි. විවිධ අධ්‍යයනයන් සහ පර්යේෂණ මගින් සනාථ වී ඇති පරිදි, හලාල් ආහාර පෝෂණය සඳහා පරිපූර්ණ ප්‍රවේශයක්ද ලබා දෙයි, පාරිභෝගිකයින්ට ආරක්ෂිත, පෝෂ්‍යදායී සහ සදාචාරාත්මකව නිෂ්පාදනය කළ ආහාර තේරීම්ද එය සපයයි. එබැවින් හලාල් ආහාර පරිභෝජනය සංස්කෘතික, සමාජීය සහ ආර්ථික සාධකවල සංකීර්’ණ අන්තර් ක්‍රියාකාරිත්වයට බලපාන බව තර්’ක කළ හැකිය. මෙම සාධක හලාල් ආහාරවල වැදගත්කම සඳහා දායක වන්නේ ආහාර තෝරා ගැනීමක් ලෙස පමණක් නොව, ආගමික අනන්‍යතාවය, සමාජ සම්බන්ධතා සහ ආර්ථික අවස්ථා පිළිබිඹු කිරීමක්ද ලෙසිනි.