මඩකලපුව මාර්’ගයේ දුම්රිය ධාවනය ඇණ හිටී

0
61
NEWSNOW | – අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්’ණයෙන්ම ඇණහිට ඇතැයි දුම්රිය පාලක මැදිරි පවසයි.
කොළඹ – මඩකලපුව දුම්රිය මාර්’ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී සිදුව තිබේ.
ඒ අනුව කොළොන්නාව තෙල් තොග ගබඩාවේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ මෙම ඉන්ධන දුම්රියේ දුම්රිය එන්ජිම, නියාමක මැදිරිය හා තෙල් ටැංකි හතරක් ද පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
මෙම අනතුරෙන් පසු අද උදේ කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා හා මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රිය දෙක ඇතුළු දුම්රිය කීපයක් අවලංගු කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
මෙයට අමතරව ගල් ඔය සිට ත්‍රීකුණාමලය දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය දෙකක් හා මහව සිට මඩකලපුව දක්වා ධාවනයවීමට තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය දෙකක් ද අවලංගු කිරීමට පියවර ගත් බව ද දෙපාර්’තමේන්තුව පැවසීය.