පාර්’ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට නිකුත් කිරීමට සූදානම්

0
77
NEWSNOW | – පාර්’ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප අංක මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවය.
එම මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව කඩිනමින් යළිත් දිස්ත්‍රික් ලේකම් කාර්’යාල වෙත අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ අනුව අද (15) සහ හෙට යන දෙදින තුළ මනාප අංක නිකුත් කිරීමේ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
මේ අතර දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.
අද පෙරවරුවේ අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර පාර්’ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
පාර්’ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකු විසින් වැයකළ යුතු මුදල් ප්‍රමාණය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.