NEWSNOW | – වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව කෘෂිකර්’ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා අද (03) පැවසීය.
අද(03) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්’ම අමාත්‍යාංශයට පැමිණ සියලුම නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
කෘෂිකර්’ම, ඉඩම්, වාරිමාර්’ග , පශු සම්පත්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා, “අද උදේ ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණියා. සියලුම නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් තිබ්බා. එහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නා ගොවීන්ට පොහොර මිලදී ගැනීමේදී QR කේත ක්‍රමයක් සකස් කරන්න කියලා. එතකොට අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒ වාර්තා වූ සැනින් අදාළ මුදල බැංකු ගත කිරීමේ ක්‍රමයකට ඉදිරියේදී යනවා.”