ඉන්දිය රජය මුස්ලිම් ජනතාවගේ නිවාස පොළවට සමතලා කිරීම සාධාරණද?

0
131
NEWSNOW| –  ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල වාසය කරන මුස්ලිම්වරුන්ට සිදු කරන හිරිහැර සහ අසාධාරණකම් සීමාව ඉක්මවා යමින් තිබේ.
විශේෂයෙන් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය සුළුතර මුස්ලිම් ප්‍රජාවට සිදුවන අයුතුකම් අතිශය සංවේගජනකය. ගවමස් සන්තකයේ තබා ගැනීම මෙන්ම අනවසර ඉදිකිරීම් යයි කියමින් මුස්ලිම් නිවාස මෙන්ම ව්‍යාපාර ස්ථාන කඩා පොළොවට ඇද දමමින් එහි වාසය කරන්නන්ව මහ පාරට ඇද දැමීම එහි නිතරම පාහේ සිදුවේ.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බහුතරයක් මුස්ලිම්වරුන් වාසය කරන භයින්ස්වාහි ගම්මානයෙහි සිදුවන අකටයුතුකම් මුල් කර ගනිමින් මෙම ලිපිය සකසා ඇත. එහි වාසය කළ සීනත් පුසිගිය අගෝස්තු මස අභාවයට පත් වන විට ඇයගේ වයස 17ක් පමණි. ඇය දිවියෙන් සමු ගත්තේ නියුමෝනියා රෝගය නිසාය. හිසට වහළක් නොමැති නිසා නිතර වර්’ෂාවෙන් තෙමෙන ඇයට එම රෝගය වැළඳුනි. මාස කිහිපයකට පෙර ඇය වාසය කළ පැල්පත නිසි බලධාරීන් විසින් පොළොවට සමතලා කර ඇය සහ දෙමව්පියන් පාරට ඇද දමන ලදී. පසුව ඇයගේ පියා ඇතුලු තවත් දස දෙනෙකු පමණ අත්අඩංගුවට ගත්හ.

මෙසේ බලධාරින් පියවර ගන්නට එම නිවැසියන් කළ වරද නිවසේ ගවමස් තබා ගැනීමයි. එනමුත් පෙළොවට සමතලා කරන ලද ගෙවල් අතරින් ඇතැම් ගෙවල ගවමස් නොතිබුණු බව එහි නිවැසියන් පෙන්වා දෙති.
සීනත්ගේ පියා සිය තරුණ දියණියගේ මළගමට පොලිස් නිලධාරින් විසින් ගෙන එන ලද්දේ අතේ මාංචු සහිතවය. මෙලෙසින් එම ගම්මානයේ මුස්ලිම් මිනිසුන් කිහිප දෙනෙකුගේම නිවාස සහ කඩ සාප්පු කඩා දමන ලදි. ඇතැම් අවස්ථාවල අනවසර ඉදිකිරීම් නොව රජයෙන් කලකට ඉහත ලබා දෙන නිවාසවලින්ද විවිධ හේතු දක්වමින් මුස්ලිම් පවුල් එළියට ඇද දමා එම නිවෙස් පොළොවට සමතලා කිරීම හෝ එසේත් නැතිනම් එම නිවෙස්වල හින්දු පවුල් පදිංචි කරන සිද්ධීන්ද වාර්’තා වී ඇත.
සීනත්ගේ ඛේදවාචකය ආරම්භ වුයේ ගවයෙකුට ඇති වුණු තුවාල සමගය. එනම් ඝාතනය සඳහා ලොරියක ගෙන යමින් සිටි ගවයෙකු ඉන් පිටත පැනීම නිසා තුවාල ලැබු අතර මෙම සිද්ධිය මගින් දැවැන්ත ආන්දෝලනයක් ඉන්දියාව පුරා ඇති කරන්නට මෝඩි රජයට ලැදි මාධ්‍ය ආයතන වගබලා ගත්තේය. පසුව ගතවුනු ජුලි මස 15 වන දින උදෑසන හදිසියේ අවි සහ බැටන් පොළු ගත් පොලිස් භටයන් විශාල පිරිසක් භයින්ස්වාහි ගම්මානයට කඩා වැදී ගම්මානයේ එක් කොටසක් වටා ආරක්‍ෂක වළල්ලක් සේ සිට ගත්තේය. එම කොටසෙහි ගෙවල් 16 ක් තිබුණු අතර එම නිවෙස්වල වැසියන් සියල්ලන්ටම නිවෙස්වලින් එළියට බසින මෙන් අණ කර පසුව බුල්ඩෝසර් කිහිපයක් ගෙන්වනු ලදුව එම කොටසේ තිබුණු ගෙවල් සියල්ල කිසිදු පැහැදිලි කිරීමක් ලබා නොදෙමින් කඩා පොළොවට සමතලා කරන්නට වුහ. තමන්ගේ බඩු මුට්ටු එළියට ගන්නට කාල අවකාශ ලබා දෙන මෙන් නිවැසියන් නිලධාරීන්ට බැගෑපත් වු නමුත් ඔවුන් ඒ කිසිවකට සවන් දුන්නේ නැත. අවම වශයෙන් දරුවන්ගේ පාසැල් උපකරණ පොත් පත් ගන්නටවත් අවසර ඉල්ලු විට නිලධාරින් සිටියේ සිත් පිත් නැති ගල් පිළිම ලෙසිනි.
භයින්ස්වාහි ගම්මානයේ සිදුවුනු මෙවන් සිද්ධි ඉන්දියාව පුරාම දැකිය හැකි අතර දේශපාලන වාසි තකා හින්දු අන්තවාදි කල්ලිවලට රජය නොනිල වශයෙන්ම මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවලට ලබා දී තිබෙන නිදහසට මෙය උදාහරණයකි.
බොහෝ විට මුස්ලිම්වරන්ට කරන මෙවන් හිරිහැර පසුපස හින්දුන් දේවත්වයෙන් සලකන ගවයන් මස් සඳහා ඝාතනය කිරීම තිබෙනු දැකිය හැකිය. උක්ත සිද්ධියද භයින්ස්වාහි ගම්මානයේ එළ ගවයෙකු ගඝාතනය කළ බවට ලැබුනු තොරතුරුක් අනුව අන්තාවාදි කල්ලි පොලිසිය උසි ගන්වා ගම්මානයේ නිවාස කිහිපයක් කඩා ඉවත් කරනන්ට කටයුතු කළේ එම නිවැසියන්ට විකල්ප කිසිවක් ලබා නොදෙමිනි.
2014 වසර නරේන්‍ද්‍ර මෝඩි අගමැති බවට පත් වු පසු ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම කිරි ගව ඝාතණය තහනම් කරන ලදි. එය උල්ලංඝණය කරන්නන්ට වරස 3 ක් දක්වා සිරගත වන්නට සිදු වේ. එනමුත් ගව ඝාතණය සිදු වන්නේද, ගවයන් ඒ සඳහා ප්‍රවාහනය කරනු ලබන්නේද සහ එවන් දරුණු අපරාධ’ සඳහාිදඬුවම් දීම’ වැඩියෙන්ම සිදු වන්නේ පොලිසිය විසින් හෝ අධිකරණය විසින් නොව මෝඩිගේ නොනිල හමුදා ලෙස කටයුතු කරන හින්දු අන්තවාදි කල්ලි විසිනි.
මුස්ලිම්වරන්ට ගව මස් කෑම ඉන්දීය රජය තහනම් කර තිබුනද ලොව පස්වන විශාලතම ගවමස් අපනයකරු ඉන්දියාව වීම මෙහි කුරිරු හාස්‍යයයි. 2023 වසරෙහි ඉන්දියාවේ සිට අපනයනය කරන ලද ගවමස්වල ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 1.3 කි. මෙමගින් එම වසරෙහි ඇඩො බිලියන 4 ක පමණ විදේශ විනිමය ආදායමක් ඉන්දියාව ඉපැයුවේය. එනමුත් සිය පරිභෝජනය සඳහා ගවමස් ටිකක් ගෙන යමින් සිටි අහිසංහක මුස්ලිම්වරුන් ඒ සඳහා අන්තවාදි කල්ලි විසින් කුරිරු ලෙස මරා දැමු සිද්ධි ඉන්දියාවෙහි අනන්තවත් වාර්තා වී ඇත.

ඉන්දියාවෙහි මී ගවයන් ඝාතණය කිරීමට එරෙහිව නීතියක් නොමැති නමුත් පොලිසිය විසින් අල්ලා ගනු ලබන සෑම මාංශයක්ම ඔවුන් වාර්තාවල සඳහන් කරන්නේ ඒවා එළ ගවමස් යනුවෙනි. එම මස් එළ ගවමස්ද නැත්නත්ම මී ගව මස්දැයි තහවුරු කිරීමට කිසිදු රස පරීක්‍ෂාවක් සිදු කරනු ලබන්නේ නැත.
කෙසේ වෙතත් එළ ගව මස් හමු වු පමණින් කිසිදු අධිකරණ ක්‍රියාවලියකට නොගොස් විමර්ශනය සඳහා පැමිණි පොලිසිය විසින්ම එම නිවස පොළොවට සමතලා කරන නිර්’දේශයක් නම් ඉන්දිය දණ්ඩ නීති සංග්‍රහයේ දක්නට නැත. එයට නිදහසට කරුණු ලෙසින් පොලිසිය පවසන්නේ එම නිවාස අනවසර ඉදිකිරීම් නිසා කඩා දැමු බවයි. අනවසර නිවාස කඩා දැමීමට අධිකරණ නියෝගයක් තිබියු යුතු නොවේද යන පැනයට ඔවුන් වෙත පිළිතුරක් නොමැත. එනමුත් භයින්ස්වාහි ගම්මානයේ කඩා දමන ලද නිවෙස් 17 අතර ගෙවල් නවයක් රජයේ අඩු පිරිවැය නිවාස යෝජනා ක්‍රම යටතේ ඉදි කරන ලද නිවෙස් බව තහවුරු වු නමුත් ඒ ගැනද බලධාරින් කිසිවක් නොකියති.
මේ අතර හින්දු අන්තවාදි කල්ලිවල සාමාජිකයන් පවසන්නනේ භයින්ස්වාහි ගම්මානය එළ ගවයන් ඝාතණය කරන්නට ප්‍රකට හෙයින් එහි වැසියන්ගේ නිවෙස් කඩා දැමීම පමණක් නොවිගවයන් මස් කිරීමේ වරදට ඔවුන් සියල්ලන්වම එල්ලා මරා දැමිය යුතු’ බවයි. 2023 වසර බලයට පත් වුනුගථත වර්ෂ විනෝදමධ්‍යප් ප්‍රදේශ මහ ඇමති මෝහන් යාදව්ගේ පුර්ණ ආශිර්වාදයද මෙම කල්ලිවලට තිබීම ඔවුන්ගේ සැහැසිකම් සීමාව ඉක්මවා යාමට තුඩු දී ඇත.
නිරීක්‍ෂකයන් පවසන්නේ මෝඩි පාලනයේ මෙවන් ක්‍රියා නිසා හින්දු මුස්ලිම් සමගිය යනු තවත තවත් ඈත් වන බවයි. මෝඩි බලයට පත් වන්නට පෙර මෙම ජාතින් අතර දැන් තිබෙන තරමේ දුරස් වීමක් දක්නට නොලැබුනු බවද එම නිරීක්‍ෂකයන් පෙන්වා දෙති. මුස්ලිම්වරුන්ට හිරිහැර කිරීමේ ප්‍රවණතාවයක් පෙන්වීම මගින් බලයේ සදා රැඳී සිටින්නට හැකිය යයි මෝඩි සිතු නමුත් පසුගිය මහමැතිවරණ ප්‍රතිඵලය නිසා එම විශ්වාසය සුනු විසුනු වී ගියේ බලයේ රෑඳී සිටීමට සුළුතර පක්‍ෂවල සහය ඉල්ලා සිටින තත්වයට මෝඩිව ඇද දමමිනි.

කලක පටන් අනවසර ඉදිකිරීම් ඇතුලු විවිධ චෝදනා නගමින් මුස්ලිම්වරුන්ට අයත් නිවාස සහ ව්‍යාපාර ස්ථාන පොළොවට සමතලා කරන්නට මෝඩි රජය කටයුතු කළේය. මේ සඳහා වැඩි වශයෙන්ම යොදා ගන්නා ලද්දේ න්‍ක්‍ඊ බුල්ඩා්සර් යන්ත්‍ර නිසා පසුගිය මැතිවරණ ව්‍යාපාර වේදිකා අවට මෙන්ම පෙළපාලිවලද න්‍ක්‍ඊ යන්ත්‍රයක පින්තූර ගෙන ලද්දේ මෝඩිගේ භාරතීය ජනතා පක්‍ෂය නැවත බලයට පැමිණියහොත් යොන් මැරිල්ල යස රගේට දිගටම කරන බවට හින්දුන්ට වක්‍ර පොරොන්දුවක් ලබා දෙමිනි. නමුත් මෝඩිගේ එම ප්‍රයෝගය අතේ පත්තු වු බව මහමැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී ගියේය.
මෙය ගැන අදහස් දක්වන දේශපාලන නිරීක්‍ෂකයන් යුදෙව්වන්ට එරෙහිව ඇඩොල්ෆ් හිට්ලර්ද බුල්ඩෝසර භාවිත කළේය යයි සඳහන් කරන්නේ පසුව හිට්ලර්ගේ මිනියවත් සොයා ගන්නට නොහැකිවු ඛේදජනක තත්වය සිහි පත් කරමිනි.