චීනය දිගු දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

0
173
NEWSNOW | – දිගු දුර බැලැස්ටික් මිසයිලයක් චීනය විසින් අත්හදා බලා තිබේ. මේ සම්බන්ධයෙන් රටවල් කිහිපයක් සිය කනස්සල්ල පළ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඊයේ (25) චීනය විසින් ජාත්‍යන්තර මුහුද වෙත බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබේ.
සිය අත්හදා බැලීම සම්බන්ධයෙන් චීනය විසින් අනෙකුත් රටවල් දැනුවත් කර ඇති බව ද එරට මාධ්‍ය වාර්’තා කර තිබුණි.
කෙසේවෙතත් එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බව පවසන ජපානය ඊට කනස්සල්ල පළ කර ඇති අතර නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ද ඊට කනස්සල්ල පළ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.