ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් වෙයි

0
170
NEWSNOW | – ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා
පත් කෙරේ.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක
මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.
හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු
වන වෛද්‍ය නජිත් ඉන්දික මහතා කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්’ණ
කර ඇත.
පසුගිය වසර 05 තුළ රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙක් සහ ආයතන භාර වෛද්‍ය
නිලධාරියෙකු ලෙස ඔහු සේවය කළේය.
වෛද්‍ය නජිත් ඉන්දික මහතා ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් සහ දේශපාලන ක්‍රියාකාරියෙකි.