ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතාගේ නම ගැසට් කෙරේ

0
71

NEWSNOW| –  පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට තේරීපත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහාය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.

අනුර කුමාර දිසානායක මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බවට පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබුණි.

ඒ අනුව 2020 මහ මැතිවරණයේ මනාප ලැයිස්තුව සැලකිල්ලට ගනිමින් මෙලෙස ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතාව පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා පත්කර ඇත.