මෙරට ඩොලර් බැඳුම්කර අගය පහතට

0
66

NEWSNOW| – ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය ප්‍රකාශ කළේය.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ආධාර වැඩසටහන මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකිරීම සඳහා එළැඹ ඇති ගිවිසුම්ද අනුර කුමාර දිසානායක මහතා ලද ජයග්‍රහණයත් සමග අවදානමට ලක්ව ඇතැයි එම පුවත් සේවය පැවැසුවේය.

මෙරට බැඳුම්කර ඩොලරයට සාපේක්ෂව අද (23) ශත 3.1 කින් පහත ගොස් ඇති බවත් එය වසර දෙකක පමණ කාලයකදී සිදුවූ විශාලතම පහළ යෑම බවත් බ්ලුම්බර්ග් පුවත් සේවය ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහාය අවශ්‍ය බවත් තම රජය සියලු දෙනා සමග එක්ව කටයුතු කිරීමට සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කිරීමත් සමග රුපියල් ශක්තිමත්වී තිබෙන බවද එම පුවත්සේවය පෙන්වා දුන්නේය.

තවද 2029 වසරේදී කල් පිරෙන බැඳුම්කර ‌මෙම කාර්තුවේදී සියයට 15 කින් පමණ පහත වැටෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් පුරෝකතනය කර තිබෙන බවද බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය.