NEWSNOW | – තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ජයවර්’ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා සැප්තැම්බර් 24 වනදා යළි විවෘත කෙරෙන බව එහි පාලනාධිකාරිය දැනුම්දෙයි.
පසුගියදා මෙම සරසවිය වසා දැමුණේ සිසුන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙනි.
ඒ අනුව සැප්තැම්බර් 23 වනදා සිට නේවාසිකාගාරවල සිටින සිසුන්ට තම නේවාසිකාගාර වෙත ආපසු පැමිණිය හැකි බවද ඔවුන් පවසයි.
සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉකුත් 12 වනදා සවස 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණි.