ඉන්දියාවේ දරිද්‍රතාවයෙන් ඉහළ ප්‍රාන්තයක් ලෙස සැලකෙන බිහාර් ප්‍රාන්තයේ දේශපාලනඥයෙකු විසින් සංවිධානය කළ සිය දියණියගේ විවාහ මංගල උත්සවයකට ඇස්තමේන්තුගත අමුත්තන් 400,000ක් පමණ සහභාගී වී ඇති අතර, ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව එම පිරිස මිලියනයකට ආසන්න වී තිබේ.
මිනීමැරුම් චෝදනා ඇතුළු අපරාධ රැසකට මුහුණ දී සිටින, අවස්ථා හයකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අනන්ත් සිං විසින් නැගෙනහිර බිහාර් ප්‍රාන්තයේ සිය උපන් ගම වන නඩවාන් හිදී මෙම මංගල උත්සවය පවත්වා ඇත. ගම්වාසීන්, දේශපාලන හිතවතුන් සහ ප්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා පවුම් මිලියන 6.5ක අතිවිශාල මුදලක් වැය වී ඇති බව වාර්තා වේ.
මෙතෙක් වැඩිම පිරිසක් සහභාගී වූ විවාහ මංගල උත්සවය ලෙස ගිනස් ලෝක වාර්තාවට එක්ව තිබුණේ 1995 වසරේ ඉන්දියාවේ පැවති අමුත්තන් 150,000ක් සහභාගී වූ උත්සවයකි. පසුගිය බදාදා පැවැති මෙම මංගල්‍යය එම ලෝක වාර්තාව ද අභිබවා ගොස් ඇති බවට විශ්වාස කෙරේ.

