හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පළමු වරට මෙරට තරග බිමට

0
3

හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ ස්ථානයට පත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලාංකික ක්‍රීඩක රුමේෂ් තරංග පළමු වරට මෙරටදී තරග බිමට පිවිසීමට නියමිතය.

ඒ අනුව, ලබන දෙසැම්බර් 06 වැනිදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 50 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී ඔහු බස්නාහිර පළාත නියෝජනය කරමින් තරග වැදීමට සූදානමින් සිටී.

දෙසැම්බර් 04 වැනිදා ආරම්භ වන 50 වැනි ස්වර්ණ ජයන්ති ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් දිනය වන 06 වැනිදා පස්වරුවේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව පැවැත්වීමට නියමිතය.

ලොව අංක එකේ ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වීමෙන් පසු රුමේෂ් තරංග සිය මව්බිමේ ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ දක්ෂතා දක්වන පළමු අවස්ථාව දැකබලා ගැනීමට මෙහිදී ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here