මාලදිවයිනේ සිට සංචාරකයින් පිරිසක් රැගත් ‘කෝර්ඩේලියා එම්ප්රස්’ (Cordelia Empress) සංචාරක නෞකාව අද (26) උදෑසන කොළඹ වරායේ මගී ජැටිය වෙත ළඟා වී තිබේ.
මෙම නෞකාවෙන් සංචාරකයින් 1,628 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 650 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
සිය සංචාරය නිම කරමින් මෙම නෞකාව අද පස්වරුවේ ඉන්දියාවේ කොචි වරාය බලා පිටත්ව යාමට නියමිතය.

