කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා වේගයෙන් ඉහළ යන පරිගණක බලශක්ති ඉල්ලුමට විසඳුමක් ලෙස, චන්ද්‍රිකා මිලියනයකින් සමන්විත නව පද්ධතියක් අභ්‍යවකාශයේ ස්ථාපිත කිරීමට SpaceX
සමාගමට අමෙරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාවේ (FCC) අනුමැතිය හිමිව තිබේ. ‘Starmind’ ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ, අභ්‍යවකාශයේ දත්ත මධ්‍යස්ථාන (Data Centers) ලෙස ක්‍රියාත්මක වන චන්ද්‍රිකා මිලියනයක් දක්වා කක්ෂගත කිරීමට සැලසුම් කර ඇති බව Reuters පුවත් සේවය වාර්තා කරයි.
පෘථිවියේ භාවිතය සඳහා අවශ්‍ය වන විශාල දත්ත ප්‍රමාණයක් සැකසීම මෙම චන්ද්‍රිකා ජාලයේ ප්‍රධාන කාර්යය වේ.
මේ වසරේ මුල් භාගයේදී SpaceX සමාගම විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පතකට මෙලෙස අවසර හිමිවීමත් සමඟ, අභ්‍යවකාශය තුළ දත්ත සැකසුම් මධ්‍යස්ථාන ගොඩනැගීමේ Elon Muskගේ දැවැන්ත සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා තීරණාත්මක පියවරක් ඉදිරියට තබා ඇත.

