රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු 11 දෙනෙකු ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.
ඒ අනුව, සැකකරුවන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප නියම කෙරුණු අතර, නඩුව ලබන අප්‍රේල් 29 වැනිදා යළි කැඳවීමට නියමිතය.
අධිකරණ නියෝග නොතකමින් රුවන්වැලි සෑය අබියස මාරාන්තික උපවාසයක නිරතව සිටියදී පසුගිය නොවැම්බර් 12 වැනිදා මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔවුන් අද යළි අධිකරණය හමුවට පමුණුවනු ලැබීය.

