උද්ධමන අනුපාතය ඔක්තෝබර් මාසයේදී 8.5%ක් දක්වා ඉහළට.

0
4

2026 ඔක්තෝබර් මාසය සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, සැප්තැම්බර් මාසයේදී 8.1%ක් ලෙස පැවති මෙරට සමස්ත උද්ධමන අනුපාතය ඔක්තෝබර් මාසයේදී 8.5%ක් දක්වා ඉහළ ගොස් ඇත.

කාණ්ඩ අනුව උද්ධමනය වෙනස් වී ඇති ආකාරය පහත පරිදි වේ:

ආහාර කාණ්ඩය: සැප්තැම්බර් මාසයේ පැවති 6.9%ක ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතය ඔක්තෝබර් මාසයේදී 7.2%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාර නොවන කාණ්ඩය: සැප්තැම්බර් මාසයේ 9.1%ක් ලෙස වාර්තා වූ ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතය ඔක්තෝබර් මාසයේදී 9.5%ක් දක්වා වැඩි වී ඇත.

මේ අතර, පසුගිය 20 වැනිදා පැවැති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ අවස්ථාවට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ නොවැම්බර් මාසයේදී උද්ධමනය 9%ක් හෝ ඊට ආසන්න මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යා හැකි බවයි.

2026 මැයි මාසයේදී පොලී අනුපාත ඉහළ නැංවීමට තීරණය කළ අවස්ථාවේදී, උද්ධමනය 7%ත් 8%ත් අතර මට්ටමකට පැමිණ පසුව පහළ යනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර තිබුණි. කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිග්ගැස්සීම සහ ඒ හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීම නිසා එම පුරෝකථන වෙනස් වී උද්ධමනය ඉහළ යාමට බලපා ඇති බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here