ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක කටයුතු පහසු කිරීම සහ දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට අත්සන් තබා තිබේ.
මෙරට නිල සංචාරයක නිරත වී සිටින තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Sihasak Phuangketkeow මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව මෙම පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් සිය නිල Facebook ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර ඇත්තේ, මෙම ගිවිසුම දෙරට අතර පවතින මිත්‍රශීලී සහ සමීප සබඳතා තවදුරටත් තහවුරු කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන බවයි.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන ඓතිහාසික, සංස්කෘතික සහ ආගමික බැඳීම් මෙම සංචාරය තුළින් යළිත් පිළිබිඹු වන බවත්, ඉදිරියේදී දෙරට අතර වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය, විදේශ රැකියා සහ කෘෂිකර්මාන්තය යන ක්ෂේත්රයන්හි සහයෝගීතාව පුළුල් කර ගැනීමට මෙමඟින් නව අවස්ථා රැසක් උදා වනු ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

